දුරුතු පුර පසලොස්වක පොහොය දින අදයි

  👤  1711 readers have read this article !
Published by : MB WEB 2017-01-12 13:39:17

ලක්වාසී බෞද්ධ ජනතාව මහත් හරසරින් සිහිපත් කරනු ලබන දුරුතු පුර පසලොස්වක පොහොය දින අදයි.

සදහම් චාරිකාවේ දී සිටි බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප සහ නදී කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ධමනය කිරීම, සුමන සමන් දිව්‍යරජයනන්ගේ ආරාධනාව මත බුද්ධත්වයෙන් නව වැනි මස ප්‍රථම වරට ලක්දිව මහියංගනයට වැඩම කිරීම, එසේ වැඩම කල බෝසතානන්වහන්සේ නැවත දඹදිවට වැඩම කිරීමට ප්‍රථම කේශ ධාතු මිටක් ලබා දීම වැනි උතුම් මංගල කරුණු රාශියක් අද දින සිදු වී ඇති බවට බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. එම කේශ ධාතුන් වහන්සේ තැන්පත් කර පසුව මහියංගන චෛත්‍යය නිමවූ බවද බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

එසේම කැළණි විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය උත්සවය ආරම්භ වී ඇත්තේද අද වැනි උතුම් දිනකදීය.

දුරුතු පොහෝ දින නිමිත්තෙන් බෞද්ධ වෙහෙර විහාර වලට එකතුවන සැදැහැති බෞද්ධ ජනතාව දාන මානාදී පින්කම් රාශියක් සංවිධානය කරනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්