පහරදීමකින් පුද්ගලයෙකු මියයයි

  👤  2043 readers have read this article !
Published by : MB WEB 2017-01-12 08:34:06

වවුනියාව පොලිස් වසමේ පුද්ගලයෙකු පහරදී ඝාතනය කර ඇති බවට පොලිස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (11) සවස වවුනියාව පොලිස් වසමේ තේක්කවත්ත ප්‍රදේශයේ දී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත වවුනියාව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි තේක්කවත්ත, වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (12) දින සිදු කිරීමට නියමිත වේ. සිද්ධියට අදාල සැකකරු මේ වනවිට හදුනාගෙන ඇති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ වවුනියාව පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්