නෝර්වේ රජය මේ වසරේ ජ්ර් චැනල් අත්හරින්න යයි

  👤  2012 readers have read this article !
Published by : MB WEB 2017-01-11 14:11:07

රජය පෞද්ගලික මාධ්‍ය නාළිකා විකාශයට බලපත්‍ර නිකුත් සමඟම එෆ්.එම්. රේඩියෝ නාළිකා වර්තමානයේ අප දිවයින තුළ අසීමිත ජනප්‍රියත්වයක් ලබා මහජනයාට නැතිවම බැරි සේවාවක් බවට පත්වී හමාරයි.

ඒ එම් ගුවන් විදුලි සේවාවන්ට හුරුවී සිටි අපට සීමිත වූ එෆ්. එම්. රේඩියෝ අත්දැකීම අද වන විට ප්‍රධාන ප්‍රවාහයේ මූලික අංගයක් වී තිබෙන බැවින් එෆ්.එම්. රේඩියෝ චැනල් වලින් තොර ලොවක් ගැන සිතීමට පවා අපහසු වන්නට පුළුවන.

නෝර්වේ රජය, 2017 දී ක්‍රියාත්මක වන පරිදි තම රටේ සියලුම එෆ්.එම්. රේඩියෝ නාළිකා නවත්වා දමන්නට තීරණය කර තිබෙනවා. 2017 වසර තුළදී මුළු රටේම එෆ්.එම්. නාළිකා අභාවයට ගියත්, මහජනතාවට රේඩියෝ නාළිකා අහිමි වීමක් වන්නේ නැහැ.

එයට හේතුව, නෝර්වේ රජය එෆ්.එම්. නාළිකා නතර කරමින් ඩිජිටල් රේඩියෝ නාළිකා තම රටට හඳුන්වා දෙන බැවිනි. ච්ඒඕ අචඤඪධ DAB Radio (Digital Audio Broadcasting) යනුවෙන් හැඳින්වෙන මෙම ඩිජිටල් රේඩියෝ හරහා ගුණාත්මක භාවයෙන් තවත් වැඩි ශ්‍රව්‍යමය අත්දැකීමක් සහ තවත් වැඩි ගුවන් විදුලි නාළිකා ප්‍රමාණයක් අසන්නන් හට පෙරට වඩා අඩු මුදලකට ලබා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

එම නිසා එෆ්.එම්. නාළිකා අභාවයට ගියේ අසන්නන් හට පෙරට වඩා හැම අතින්ම වඩාත් හොඳ විකල්පයක් ලබා දෙමින් බැවින් නෝර්වේ ලොව ප්‍රථමයෙන් තැබූ මේ පියවර අනුගමනය කරන්නට ලොව අනෙක් රටවල් පෙලඹෙන දිනය වැඩි අෑතක නොවිය හැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්