මෛත්‍රිගේ මොරගහකන්ද සිහිනය සැබෑ වෙයි!

  👤  1994 readers have read this article !
Published by : MB WEB 2017-01-11 10:28:48

උදේනි සමන් කුමාර

'මොරගහකන්ද ජලාශය පිරවීම සඳහා මංගල දියවර නිකුත් කිරීම අද (11දා) පෙරවරු 9ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදු කෙරේ. මොරගහකන්ද වාරි යෝජනා ක්‍රමයට අයත් ඇළහැර ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමද අද සිදු කරයි. ඇළහැර ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම සහ සූර්ය පැනල බෙදාදීමේ උත්සවයක්ද බකමූණ නගරයේ පැවැත්වේ.

අද පෙ.ව. 10ට ඇළහැර ක්‍රීඩාංගණයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් පැවැත්වෙන අතර මොරගහකන්ද ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රදේශයෙන් ඉවත් වූ ජනයාට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමද එහිදී සිදුවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්