ජෙරුසලමේදී සෙබළුන් මැරුවේ IS ආධාරකරුවෙක්- ඊශ්‍රායල අගමැති

  👤  1728 readers have read this article !
Published by : MB WEB 2017-01-10 13:30:07

ජෙරුසලමේදී ලොරියක් ධාවනය කරවීමෙන් සෙබළුන් හතරදෙනකු මැරූ පුද්ගලයා ඉස්ලාමික රාජ්‍ය යනුවෙන් හැඳින්වෙන ත්‍රස්ත්‍රවාදී කල්ලියේ ආධාරකරුවකු බව සියලු සලකුණුවලින් දැක්වෙතැයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.

එහෙත් ඔහු ඊට උපකාරි වන සාධක ඉදිරිපත් නොකළේය. ලොරිය ධාවනය කළ තැනැත්තා 28 හැවිරිදි ෆාඩි කුන්බාර් නමැත්තකු බවද පලස්තීනයේ සිට පැමිණියකු බවද හෙළිවී ඇත.

පසුව වෙඩි පහරකින් මරණයට පත් වූ පලස්තීන ජාතිකයා සෙබළුන් කණ්ඩායමක් මැදට ලොරියක් ධාවනය කිරීමෙන් සෙබළුන් හතරදෙනකු ඝාතනය කළේය.

අයි.එස්.ත්‍රස්තවාදීන්ට සහාය දක්වන්නන් නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීමට අවසර දෙන යෝජනාවක්, ඊශ්‍රායල් ආරක්ෂක ඇමැති මණ්ඩලයේ හදිසි රැස්වීමකදී අනුමත විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon