ආණ්ඩුවේ ඇමැතිවරු 3ක් ඒකාබද්ධයට එනවාලු

  👤  2104 readers have read this article !
Published by : MB WEB 2017-01-09 10:25:02

පහන් විජේසේකර

ජනවාරි මාසය අවසන් වීමට ප්‍රථම යහපාලන ආණ්ඩුවේ සිටින තවත් ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවීමට සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්‍ෂයේ මුල්පෙළ මන්ත්‍රිවරයෙක් "මව්බිම" ට පැවැසීය. බස්නාහිර හා දකුණු පළාත් නියෝජනය කරන ඇමැතිවරුන් දෙපළක් හා ජාතික ලැයිස්තුවේ ශ්‍රී ලනිප ඇමැතිවරයෙක් එලෙස ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එකතුවීමට සාකච්ඡා කර තිබෙන බවද එම මන්ත්‍රිවරයා සඳහන් කෙළේය. පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව කලකිරී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් තබා ඇති දැඩි විශ්වාසය මත එම ඇමැතිවරුන් ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ වීමට තීරණය කර ඇති බවත් හෙතෙම කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්