2016 ත් එක්කම සමු ගනියි

  👤  2100 readers have read this article !
Published by : MB WEB 2017-01-06 11:42:55

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟීී යනුවෙන් කුමාරතුංග  මුනිදාස සූරීන් පැවැසූ වදන, දිවමතුරක් කරගෙන තිබෙන්නේ අප දූපතේ වැසියන් නොව, එවන් චරිතයක් ගැන නෑසූ ලොව දියුණු ජාතීන්ය. ඔවුන් නවෝත්පාදනය හරහා ලොවට නවීන තාක්‍ෂණ සහ ක්‍රමවේද හඳුන්වා දීමේ ශීඝ්‍රතාව වැඩිවීමත් සමඟම යල් පැන ගිය තාක්‍ෂණ සහ ක්‍රමවේද නෂ්ට වීමේ ශීඝ්‍රතාවද ඒ හා අනුලෝමව සමානුපාතික ලෙස වැඩි වුණා. ගෙවී ගිය 2016 වසරේ මානව භාවිතයෙන් හා පරිභෝජනයෙන් සදහටම වෙන්වූ තාක්‍ෂණික මෙවලම් රැසක් අතරින් ලාංකික අපට වැදගත් කිහිපයක් සඳහන් කළ හැකියි.

 අයිෆෝන් හෙඩ් සෙට් එක

අයිෆෝන් 7 හඳුන්වා දීමත් සමඟම වයර්ලස් හෙඩ්ෆෝන්වලට ප්‍රමුඛත්වය දෙමින් ඇපල් සමාගම තම නව අයිෆෝන් එකෙන් හෙඩ්ෆෝන් ජැක් එක ඉවත් කර ඒ වෙනුවට ඩොලර් 160ක් ගෙවා මිලදී ගත හැකි කනේ සිදුරේ ගසා ගත හැකි වයර් රහිත ඒඪපර්ථීපධඤඵ හඳුන්වා දුන්නා. ක්‍ෂණිකව මෙම වෙනස් වීමට භාජන වීම බොහෝ පාරිභෝගිකයන්ට අපහසු කරුණක්. නමුදු ඇපල් සමාගම මෙය හඳුන්වා දුන්නේ ශ්‍රව්‍ය නැතහොත් ඕඩියෝ වෙළෙඳපොළ ඉදිරියට ගෙන යෑමටයි.
නමුත් අතීතයේ වයර් පටලවා ගනිමින්, කන් දෙකින් වයර් එල්ලෙමින් ඔබ ෆෝන් පාවිච්චි කරපු හැටි විකාරයක් ලෙසින් තව වසර කිහිපයකින් ඔබටම දැනේවි.

පෙබල් - ස්මාර්ට් වොච් එක

ව්‍යායාම ප්‍රිය කරන්නන්ගේ සහ ජිම්වල ගැවසීමට ප්‍රිය කරන්නන්ගේ ප්‍රියතම ආම්පන්නයක් වූ පෙබල් ස්මාර්ට් වොච් සමාගම තම සොෆ්ට්වෙයාර් එක ෆිට්බිට් ජ්ඪබඡඪබ නමැති ෆිට්නස් ට්‍රැකින් සමාගමට විකුණ­ූ බැවින්, නව ෆොෆ්ට්වෙයාර් අප්ඩේටිස් නොමැතිව මෙම ආයිත්තම යල් පැන ගිය එකක් බවට පත් වුණා. පෙබල් ලොව ස්මාර්ට් වොචස් ප්‍රචලිත කිරීමට සමත් වූ ප්‍රථම සමාගම වූ අතර ඇපල් වොච් සහ සැම්සන් ගියර් වෙළෙඳපොළට ආවේ පෙබල්ට බොහෝ කාලයකට පසුයි.

වීඩියෝ කැසට් රෙකෝඩරය

ලොව අවසන් වීඩියෝ කැසට් රෙකෝඩර් නිෂ්පාදකයා වූ ජපානයේ ෆූනායි ඉලෙක්ටි්‍රක් සමාගම ගිය වසරේ ජූලි මස තම නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. ඩී.වී.ඩී. බ්ලූ රේ තැටි සහ ස්ටී්‍රමින් සමඟ තවදුරටත් තරග කිරීමට ඇති නොහැකියාව හේතුවෙන් වීසිආර් මෙසේ අභාවප්‍රාප්ත වූයේ අවසන් වසරේත් එම සමාගම යන්ත්‍ර 7,50,000ක් අලෙවි කළ පසුවයි. (එය වසරකට යන්ත්‍ර මිලියන 15ක් අලෙවි කළ කාලයක් තිබුණා.) වීඩියෝ කැසට් රෙකෝඩර් 1960 දශකයේ ලොවට හඳුවා දුන් බැවින් වසර 50ක නිෂ්පාදන කාලයක් යනු තාක්‍ෂණික උපකරණයකට ආඩම්බර විය හැකි ආයු කාලයක්.

ගූගල් පිකාසා

පරිගණකයක් මිලදී ගත් සැණින් ඔබ ඇතුළත් කරගන්නා සොෆ්ට්වෙයාර් අතරට ගූගල් පිකාසා අනිවාර්යාංගයක් වුණා. ස්මාර්ට් ෆෝන් කැමරා හඳුන්වා දෙන්න කාලයකට පෙර ෆොටෝ ෂෙයාර් කිරීම, ස්ටෝර් කිරීමට පාවිච්චි කරන්නන් මහත් ප්‍රිය කළ පිකාසා හි ආයු කාලය නිම කරමින් ගූගල් ගිය වසරේ ගූගල් ෆෝටෝස් හඳුන්වා දුන්නා. නමුත් පිකාසාට ළෙන්ගතු පාවිච්චි කරන්නන් අමනාප වීම වැළැක්වීමට ගූගල් එම සංක්‍රාන්තිය ඔවුන්ට පහසු වනසේ සලසා දුන්නේ, පිකාසා ෆයිල්ස් ඒ ආකාරයෙන්ම ගූගල් ෆෝටෝස් හරහා පාවිච්චි කිරීමට ඉඩ දීමෙනුයි.

මෝටෝරෝලා

ලොව ප්‍රථම මොබයිල් ෆෝන් එක ඇමෙරිකානු ඉන්ජිනේරුවරයකු වන මාර්ටින් කූපර් නිමැවූයේ 1972 / 1973 කාලයේ ඔහු මෝටෝරෝලා සමාගමේ සේවය කරන අතරතුරේදීයි. ඔහු නිව්යෝක් නගරයේ සිට 1973 අප්‍රේල් 3 වැනිදා ඔහුම නිමැවූ ජංගම දුරකතනයෙන් ගත් ෆෝන් කෝල් එක ලොව ප්‍රථම මොබයිල් ෆෝන් දුරකතන ඇමතුම ලෙසට ඉතිහාසගත වුණා. එදින ඔහු නිව්යෝක් නගරයේ වීදි දිගේ තම ජංගම දුරකතනයෙන් කතා කරමින් ඇවිද යන විට පදිකයන් නැවතී ඔහු දෙස බැලුවේ දුරකතනයකින් කතා කරමින් නිදහසේ සැරිසරන මිනිසකුගේ දර්ශනයක් මින් පෙර ඔවුන් දැක නැති නිසයි. ලොව වාණිජමය වශයෙන් සාර්ථකත්වයට පත් මොබයිල් ෆෝන් වෙළෙඳ නාමය වුණෙත් මොටෝරෝලා, ඔබ 1980 දශකයේ මැද භාගයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූවෙක් නම්, වරප්‍රසාදලාභී පුද්ගලයන් සීමිත ප්‍රමාණයක අත රැඳුණු සෙල්ටෙල් ගඩොල් බාගේ මතක ඇති. මොබයිල් සේවා දායකයා සෙල්ටෙල් නම් සමාගම වූ අතර එම මොබයිල් ෆෝන් එක මාර්ටින් කූපර් නිපදවූ කිලෝ ග්‍රෑම් 1කට ආසන්න බරෙන් යුක්ත වූ මෝටොරෝලා මොබයිල් ෆෝන් එකක වෙනස් මොඩලයක්. 2012දී ගූගල් සමාගම ඩොලර් බිලියන 12.5කට මෝටෝරෝලා සමාගම මිලදී ගත්තත් ඔවුන්ගේ මොටෝ එක්ස් ස්මාර්ට් ෆෝන් එකේ අලෙවිය බලාපොරොත්තු වූ තරමට නොමැති වූ බැවින් එය ඩොලර් බිලියන 2.9කට ලෙනොවෝ සමාගමට විකුණා දැමුවා. අයිබීඑම් සමාගමේ පරිගණක නිෂ්පාදන සමාගම මිලදී ගෙන එම පරිගණකවල නමත් අයි. බී. එම්. සිට ලෙනෝවෝ ලෙසට වෙනස් කළ ලෙනෝවෝ 1984දී චීනයේ ආරම්භ කළ බහු ජාතික සමාගමක්. ජංගම දුරකතන ලොවට හඳුන්වා දුන් මෝටෝරෝලා සමාගමට තවදුරටත් එම සන්නාමය යටතේ වෙළෙඳපොළට තම නිෂ්පාදන නිකුත් කිරීමේ හැකියාව අහිමි වී ගොසින් මොබයිල් ෆෝන් ඩයිනසෝරයන් ලෙස පැවතුණු කාලයක් පිළිබඳව ආදරණීය මතකයක් පමණක් ඉතිරි කරදී තිබෙනවා.

වින්දන අරියවංශ 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon