නිවටයන් භංග වේවා-කොලොම්බියානු ජනතාවට ජය වේවා

  👤  2112 readers have read this article !
Published by : MB WEB 2017-01-05 11:17:28

ෆාර්ක් ගරිල්ලන් ආයුධ අතට ගත්තේ පැවැති ආණ්ඩුවට එරෙහිවය. ඒ ජනතාව පෙලන, ජන ඝාතක ආණ්ඩුවක් ගෙදර යවා බලය ඩැහැගන්නා පරමාර්ථයෙනි. ඒ නිසාම කාලාන්තරයක් මුළුල්ලේ එනම් වසර 50ක පමණ කාලයක් ඔවුහු ගරිල්ලා ව්‍යාපාරයකට පණ දුන්න. මේ නිසා රජයේ හමුදා මෙන්ම සිවිල් පුරවැසියන්ද ෆාර්ක් ගරිල්ලාවරුද සමඟ 2,60,000ක් පමණ දෙනා මරණයට පත් වූහ. මිලියන ගණනක් ජනතාව එම කාලය තුළ අවතැන් වූහ.

Revolutionary Armed Forces හෙවත් Farc ගරිල්ලා ව්‍යාපාරය ඇරඹුණේ. 1964 වසරේදීය. මාක්ස්වාදී රජයක් පිහිටුවීම පරමාර්ථය කරගෙන රජයට එරෙහිව ව්‍යාපාරයක් දියත් කරමින් ඇරැඹි මෙම සටන් කරුවන්නේ ක්‍රියාවලිය මාක්ස්වාදී ක්‍රමයෙන් බැහැරව යමින් 'ව්‍යාපාරයේ පැවැත්ම උදෙසා' යනුවෙන් කියමින් රජයේ ආයතන මංකොල්ල කනවා. රාජ්‍ය නිලධාරීන් මරා දමන්නට, සිවිල් පුද්ගලයන් බිය වද්දා මංකොල්ලකෑමට, කප්පම් ගන්නට යනාදී වශයෙන් ව්‍යාප්ත විය.

එහෙත් ලෝකය වෙනස් වෙමින් තිබිණි. කොලොම්බියාවේ ආර්ථිකයද දියුණුව කරා යන තැනට යෑම සිහිනයක් විය. රජය පවත්වාගෙන යනවා පමණක් නොව ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම තුළින් රටේ සාමය පවතිනවාය යන්න ලොවට ප්‍රකට කළ යුතු විය. ඒ නිසාම ගරිල්ලාවරු සාකච්ඡා මේසයට කැඳවාගෙන, කතාබහ කර යම් විසඳුමකට එළඹිය යුතුව තිබිණි.

එය සාම ගිවිසුමක් ලෙස දෙපාර්ශ්වයේම එකඟතා මත කෙටුම්පත් විය. එය ක්‍රියාත්මක කිරීමට ජනතා අනුමැතිය අවශ්‍ය විය. ගිවිසුම් ගත වුවත් ගිවිසුම ක්‍රියාත්මක කරන්නට ජනමතය අවශ්‍ය විය. ජනමත විචාරණයෙන් ෆාර්ක් ගරිල්ලන් හා සමඟ සාමයකට ජනතා අනුමැතිය ලැබුණේ නැත. එය The Telegraph පුවත්පත විග්‍රහ කර තිබුණේ මෙසේය.

කාලයක් මුළුල්ලේ කුරිරු ක්‍රියා කළ නායකයන් ප්‍රබල ක්‍රියාධරයන්ගේ අපරාධ මොනවාදැයි ජනතාව සාක්‍ෂි දැරුවා. ඔවුන් ජන ඝාතක යුද්ධයක් මැවූ හැටි දැක්කා. එවැනි අයව කිසිදු නීතිමය රාමුවකට යටත් කොට දඬුවම් පමුණුවා වරදකරුවන් නොකර නිර්දෝෂී පුද්ගලයන් මෙන්, මහජන නියෝජිතයන් මෙන් ඡන්දයෙන් බලයට පත්ව රට කරවන්නට ඉඩ සැලසීම ඔවුන් දුටුවේ 'අපරාධකරුවන් සමඟ දීග කෑමක්' ලෙසටය වඩා අපරාධකරුවන් සාධාරණය කිරීමක් ලෙසය.ජනතාව නොරකින රජය අපරාධකරුවන්ව සාධාරණීය පවිත්‍ර කර පෙරට ගැනීම කැකෑරෙන වෛරය තවත් තියුණු කළා. ඒ නිසාම ජනමත විචාරණයෙන් පෙන්නුවේ ඊට ජනතාව විරුද්ධ බවය.

මෙම විග්‍රහය නිවැරැදිය. ෆාර්ක් ගරිල්ලන්ට තවත් යුද්ධ කරමින්ද සිටිය නොහැකිය. රජයටද එය තවදුරටත් ගෙන යා නොහැකි විය. එසේ වී නම් ජනමත විචාරණයෙන්ද පලක් නොවූයේ නම් කොලොම්බියානු නායකයන්ටත් ෆාර්ක් ගරිල්ලා නායකයන්ටත් කළ හැක්කේ කුමක්ද? එය ප්‍රබලව කතාබහට ලක් විය. 2016 සැප්තැම්බර් 26දා කොලොම්බියා ජනාධිපති සැන්ටෝස් හා ෆාර්ක් ගරිල්ලා නායක ටිමෝචෙන්කෝ අතර ඛ්චපබචඨඥදච හි අස්සන් තැබූ ගිවිසුම බල ගන්වන්නේ කෙසේදැයි කතා බහ දිගින් දිගටම පැවැතිණි. 2016 අතර 26 දෙපාර්ශ්වයම 'අවසන් එකඟතාවකට' එන බව කියූ 2016 ජුනි 23 දෙපාර්ශ්වයම සටන් විරාමයක් ඇති කරගත් මේ සංහිඳියා ව්‍යායාමය දැන් වඩ වඩාත් කළ හැකි තත්ත්වයන් සොයා ගමන් කරන්නක් වී තිබේ.

ජනතාව දැන් දැන් යථාර්ථය තේරුම් ගනිමින් සිටින අතර දෙපාර්ශ්වයේ නායක කාරකාදීහුද මෙවර අලුත් අවුරුද්ද ලබද්දී බලාපොරොත්තු සහගතව ඊට මුහුණ දෙන හැටි කතා බහ කර ගත්හ. ජනතාව දැන් දැන් පෙරදාටත් වඩා අපේක්‍ෂාවෙන් කටයුතු කරනු දක්නට ඇත.
මීට හොඳම නිදසුන සපයමින් කලක් ෆාර්ක් ගරිල්ලා ව්‍යාපාරයේ නිරතවී සටන් වැදුණු යුවළක් තම දරුවන් ගැන සිතා මාධ්‍යයට පැවැසුවක් මෙසේය.

'අපි ගොඩාක් සතුටු වෙන්නේ කාලයක් අපේ ජීවිතවලින් අෑත් වෙලා සටන් වැදුණට පස්සෙ දැන් අපේ පුතත් එක්ක සැනසිල්ලේ ජීවත් වෙන්න ඉඩක් ලැබුණු නිසයි. මගේ පුතාට ජීවිතය දෙන්න ලැබීම සතුටක්මනේද? දැන් තමයි අපි අපේ දරුවන්ගේ මවුපියෝ බව දැනෙන්නෙ. ඒ හැඟීම හිතට හොඳින්ම දැනෙන දෙයක්. අපි දැන් ඒ සතුට පුතාත් එක්ක බෙදා හදා ගන්නවා.'

එය සුබ පෙර නිමිත්තකි. වසර ගණනාවක යුද්ධයෙන් බැට කෑ අපටද මෙය සංවේදී වන්නකි. එහෙත් ජනතාව ඉල්ලන පාලකයන් අතර සිටින කාලකණ්ණින් නොදෙන 'සැබෑ සංහිඳියාව' උදා කරගන්නට උන්දැලාට නම් මීට වඩා හයියක්, ඉවසීමක්, සාධාරණ කැප කිරීමක් කරන්නට වෙනවාය. එහෙම නොවුණෝතින් උන්දැලාට දේශපාලනය කරන්නට රටක් ඉතුරු වන්නේද නැත. කොලොම්බියානු පරිත්‍යාගශීලී ජනතාවට ජය වේවා!

සජිත රෝහිතලියනගේ 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon