උදයංගගේ බැංකු ගිණුම් 16ක් අත්හිටුවන්න අධිකරණ නියෝගයක්

  👤  1655 readers have read this article !
Published by : MB WEB 2017-01-04 16:02:14

යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංගට අයත් මෙරට බැංකු ගිණුම් 16 ක් අත්හිටුවීමට කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (4) නියෝග කර සිටියා.    

කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය ලබා දී ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව මිග් යානා ගනු දෙනුවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ උදයංග වීරතුංගට එරෙහිව පවත්වාගෙන යනු ලබන පරීක්ෂණ වලට අදාලව ඉහත තීන්දුව ලබා දී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon