ස්මාර්ට් ෆෝන්, ස්මාර්ට් ටීවී, ස්මාර්ට් වොචස්... 2017දී ස්මාර්ට් ප්ලග්

  👤  2527 readers have read this article !
Published by : MB WEB 2017-01-04 10:28:08

ඔබ නිවෙසට එන්නට ප්‍රමාද වුවහොත් ගෙදර විදුලි පහන් දල්වන්නට කෙනෙක් තබා යන්නට හෝ සොයා ගන්නට මහන්සි වේද? නිවෙසින් පිටව යන විට හෝ වෙනත් කාර්යයක නිතර වන විට අතපසු වීමෙන් විදුලි උපකරණ ක්‍රියාවිරහිත කරන්නට අමතක වීද?

විදුලිය භාවිතාවේදී විය හැකි මෙවැනි නොයෙකුත් ප්‍රායෝගික ගැටලු නිසා අයහපත් ප්‍රතිඵලවලට මුහුණදීමේ අවදානමකින් මිදෙන්නට මඟක් තිබේද? මේ ගැටලුවලට 2017 වසරේ ලොවට හඳුන්වා දෙන නවතම ස්මාර්ට් ප්ලග්ස් ඔබට සැනසිල්ලේ ගෘහ ජීවිතය ගෙවන්නට මහඟු ඉඩක් සලසා දෙයි.

දැනටමත් ප්‍රචලිතව පවතින IDevices හරහා තම නිවෙස ස්මාර්ට් හවුස් එකක් කරගෙන ඇති පාරිභෝගිකයන් හට ස්මාර්ට් ෆෝන් එක හරහා තමන් සිටින ඕනෑම තැනක සිට තම නිවෙසේ විදුලි උපකරණ, විදුලි පහන් සහ විදුලියෙන් ක්‍රියාත්මක වන තව ඕනෑම ගෘහ උපාංගයක් පාලනය කිරීමේ හැකියාව ස්මාර්ට් ප්ලග්ස් ලබා දෙයි.

නිදිමත බිඳගෙන ඇඳෙන් බැස ගොස් ලයිට් නිවා දමා එන්නට මැළිකමක් දක්වන බොහෝ දෙනකුට මෙය සුබ ආරංචියක් විය හැකියි. කෙතරම් අවවාද කළත් කුඩා දරුවන් ප්ලග්වලට ඇඟිලි ඔබන පුරුද්ද නිසා ඔවුන් හට විදුලි සැර වැදීමේ අවදානමත් ස්මාර්ට් ප්ලග්ස් නිසා බැහැර වෙනවා. Brio Smart outlet ප්ලග්වලට පමණක් සංවේදී වන නිසා එය පුංචි ඇඟිල්ලක් විවරයට එබූ විට විදුලි ධාරාවක් නිකුත් කරන්නෙ නැහැ.ඊට අමතරව ස්මාර්ට් ප්ලග්ස් නිවෙසේ දුමක් නැතහොත් කාබන් ඩයොක්සයිඩ් වායුව නිකුත් වුවහොත්, එසැණින්ම මොබයිල් ඇප් එක ඔබේ ස්මාර්ට් ෆෝන් එකට Alert එකක් එවන බැවින් ඔබට සැනසුම් සුසුමක් හෙළිය හැකියි.

Apple Hmekit සහ Works with Nest හරහා ඇපල් Siri සහ Amazon Echo සහායෙන් ඔබට දැනටමත් නිවෙසේ යම් යම් උපාංග දුරස්ථව සහ කාල සටහනකට අනුව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇතත්, 2016 අවසානයත් සමඟ හඳුන්වා දුන් Google Home හරහා නිවැසියන්ගේ කටහඬ අනුවද පාලනය කළ හැකි මධ්‍යම පරිපාලන පද්ධතියක් නිවෙසට එක්වන දවස වැඩි අෑතක නොවේ.

වින්දන ආරියවංශ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්