උතුරු පළාතේ වැඩ බලන්න නව මහ ඇමතිවරයෙක්

  👤  1480 readers have read this article !
Published by : MB WEB 2017-01-03 16:00:00

උතුරු පළාත් වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පොන්නතුරෙයි අයින්ගරනේෂන් මහතා පත්කර ඇතැයි වාර්තා වේ.

පී.අයින්ගරනේෂන් මහතා මෙලෙස උතුරු පළාත් වැඩබලන ප්‍රධාන අමාත්‍ය දූරය සඳහා පත් කිරීම සිදු කර අත්තේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා කැනඩාවේ සංචාරයක නිරතවීම හේතුවෙනුයි.

මේ අනූව පී.අයින්ගරනේෂන් මහතා වැඩබලන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ අද(03) දිවුරුම්දී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon