ගුරුත්ව තරංග බලය අදින VIRGO

  👤  1926 readers have read this article !
Published by : MB WEB 2017-01-03 13:43:16

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

පසුගිය දවස්වල ලේසර් නිරෝධමාන ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්ෂණාගාරය (LIGO-Laser Interfermeter Gravitational Wave Observatory) ප්‍රථම ගුරුත්වාකර්ෂණ තරංග ලකුණු හසු කරගත්තා.

ගුරුත්වාකර්ෂණ තරංග කාල අවකාශයේ රැලි නංවන්නේ අති විශාල වස්තූන් ත්වරණය වෙනකොටයි. 2015 සැප්තැම්බර් 14දා සිට LIGO ආයතනය අනතුරු අඟවන්නේ අති විශාල ගුරුත්වාකර්ෂණ තරංග ගැටුමක් පිළිබඳවයි. සංඥාව එන්නේ කළු කුහර යුගලයක ඉඳලයි.

මාස තුනක් ඇතුළත ගුරුත්වාකර්ෂණ තරංග ගැටුම් පිළිබඳව සිද්ධීන් දෙකක් නිරීක්ෂණය කරන්න මේ පිරිස සමත් වෙලා. ඉදිරියේදීත් මෙවැනි සිද්ධීන් කිහිපයක්ම දකින්න පුළුවන් වෙයි කියලා ඔවුන් අනුමාන කරන නිසා තමන්ගේ පරීක්ෂණ උපකරණ අලුත්වැඩියා කරන්න ඔවුන් පෙලඹිලා.

ඉතාලියේ නිර්මාණය වුණු VIRGO කියන පරීක්ෂණ උපකරණය ලබන අවුරුද්දේ මාර්තු මාසයේ ඉඳලා ගුරුත්වාකර්ෂණ තරංග පිළිබඳව දත්ත ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. සියුම් ඉලක්කයන් හරහා ගුරුත්වාකර්ෂණ තරංගවල බලය ලබා ගන්නත් ඔවුන් සැලසුම් කරමින් ඉන්නවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon