පුංචි ඡන්දයට යන ශ්‍රී ලනිප අපේක්ෂකයන්ට විනය මාලාවක්

  👤  1163 readers have read this article !
Published by : MB WEB 2016-12-31 10:34:39

චාමර අමරසූරිය

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ට විනය මාලාවක් හඳුන්වාදීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා 'ඉරිදා මව්බිම'ට පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගුණාත්මකභාවය සඳහා මේ තීරණය ගත් බවද මහලේකම්වරයා සඳහන් කළේය.

විනයගරුක නොමැති පුද්ගලයන්ට අපේක්‍ෂකත්ව පිරිනැමීම හේතුවෙන් පක්‍ෂය පසුගිය කාලයේ විනාශ වූ බවත් එම නිසා පක්‍ෂයේ ජීවගුණය ආරක්‍ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මේ විනය මාලාව හඳුන්වාදීමට කටයුතු කළ බවත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්