පිපිරීමට ආසන්න බීටල්ගූස් තාරකාව

  👤  2307 readers have read this article !
Published by : MB WEB 2016-12-30 11:03:49

ඉෂාරා සිල්වා

පිපිරුණු වලාකුළක සුන්බුන් එකතු වී අභ්‍යවකාශයේ පැයට කිලෝමීටර 36000ක වේගයෙන් භ්‍රමණය වෙමින් සෑදුණු තාරකාවක් තමයි බීටල්ගුස් තාරකාව කියන්නේ. ඔරායන් තරු රටාවේ (දඩයක්කාරයා) බඳ පටිය නිරූපණය වන ස්ථානයේ තිබෙන මෙම තාරකාව වසර මිලියන 10ක් පමණ පැරැණි බව තාරකා විද්‍යාඥයන් විශ්වය පිළිබඳව කළ සොයා ගැනීම්වලට අනුව තහවුරු වී තිබෙනවා.

වසර මිලියන 10ක් පැරැණි මේ තාරකාව තම ජීවිතයේ අවසාන කාලයට පැමිණ තිබෙන බවත් එය විනාශ වී යෑමට ඉතාම ආසන්නව පවතින බවත් ඔවුන්ගේ මතයයි.
විද්‍යාඥයන්ගේ ගණනය කිරීම්වලට අනුව මේ තාරකාව දළ වශයෙන් හිරු වසර බිලියන 4.6ක් පැරැණියි. නමුත් හිරුටත් වඩා පැරැණි තාරකාවක් තමයි "රතු යෝධයා" (අඥඤ ඉභනඥපඨඪචදබ) තාරකාව කියන්නේ. තව වසර 15ක් 25ක් පමණ ගත වනවිට මෙම තාරකාවේ පැතිරීම ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ පැතිරීමත් සමඟ එම තාරකාව පිපිරීමට ආසන්න බව විද්‍යාඥයන්ගේ මතයයි.

මේ වන විටත් එහි විශ්කම්භය අතිවිශාල ලෙස වැඩිවෙමින් පවතින බව විද්‍යාඥයන් නිරීක්ෂණය කරලා තිබෙනවා. සැතපුම් මිලියන 860ක පමණ විශ්කම්භයකින් යුතු මෙම තාරකාව හිරුට වැඩිය දහස් ගුණයකින් පමණ විශාල බවයි පැවසෙන්නේ.
රතු යෝධයා තාරකාව සාමාන්‍ය

දෘෂ්ටිකෝණයෙන් වුවද බැලිය හැකියි. විද්‍යාඥයන් පවසන්නේ මෙම තාරකාව හිරු ආසන්නයෙන් තැබුවහොත් එය අඟහරු ග්‍රහයා දක්වා විශාලත්වයකින් යුක්ත වන බවයි.
මෙම තාරකාව ආලෝක වර්ෂ 640ක් අෑතින් තමයි තිබෙන්නේ. කෙසේ නමුත් අවුරුදු ලක්ෂයකට කලින් රතු යෝධයා තාරකාවේ සහෝදර තාරකාවක කොටස්වලින් බීට්ල්ගුස් (Betelgeuse) තාරකාව සෑදී තිබෙන බවත් විද්‍යාඥයන් පවසනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon