ඩොලර් මිලියන 75ක ණයක් ගන්න ලෝක බැංකුව සමඟ ගිවිසුමක්

  👤  1763 readers have read this article !
Published by : MB WEB 2016-12-30 09:02:52

අමිල අබේරත්න

මෙරට සමාජ ආරක්‍ෂණ ජාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 75ක මුදලක් සියයට 2.75ක වාර්ෂික පොලියට ශ්‍රී ලංකා රජය ණයක් ලෙස ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ ගිවිසුමකට එළැඹ තිබේ.

අදාළ ණය මුදල ලබාගැනීම සඳහා වන ගිවිසුමේ කොටසකට මුදල් අමාත්‍යාංශය ඊයේ (29දා) ලෝක බැංකුව සමඟ අස්සන් කර ඇත.

මෙරට ජනතාව අතර සමානාත්මතාව වර්ධනය කිරීම, රටේ සමාජ ආරක්‍ෂණ ජාලය විනිවිදභාවයට පත් කිරීම හා එහි කාර්යක්‍ෂමතාව නැංවීම, මෙරට අඩු ආදායම්ලාභී ජනකොටස්වලට ප්‍රතිලාභ හිමිකරදීම අදාළ වැඩසටහන යටතේ සිදුකිරීමට නියමිතය.

යෝජිත වැඩසටහනේ සම්පූර්ණ වියදම වන ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක ණය මුදල ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන ආයතනය විසින් සපයනු ඇත.
වසර 24කදී මුදල ගෙවා නිම කරන කොන්දේසි මත රජය එම ණය මුදල ලබාගෙන තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon