මොළේට දැනෙන සද්ද බද්ද පෙරන අලුත් ක්‍රමයක්

  👤  1726 readers have read this article !
Published by : MB WEB 2016-12-29 14:15:38

පහන් විජේසේකර

එකපාර වැඩ දෙක තුනක් වුණත් කරන්න පුළුවන් ආකාරයට මිනිස් මොළයේ ක්‍රියාකාරී වීම විද්‍යාත්මක ලෙස සැකසිලා තිබුණත් ඝෝෂාකාරී වටපිටාවක් ඇතුළේ මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව යම් නිශ්චිත වැඩක් හරියට කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්.

උදාහරණයක් විදියට මහා ඝෝෂාකාරී ශබ්දයක් ඇසෙන අතරතුර අපිට කවුරුහරි කතා කළොත් ඒක නියමාකාරයෙන් ඇසෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කරන්න හිතන් ඉන්න වැඩේ වගේම අපිට ඇසෙන දේත් වැරැදෙන්න පුළුවන්.

ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පර්යේෂක ක්‍රිස්ටෝපර් හෝල් ග්‍රාෆ් ඇතුළු ඔවුන්ගේ කණ්ඩායම අපස්මාරය හා මීමැස්මොරය හැදුණු රෝගාබාධිතයන් එකතු කරගෙන පර්යේෂණයක් කරලා ඝෝෂාකාරී ශබ්දයක් ඇසෙන විට අපිට අවශ්‍ය දේ තෝරලා ශ්‍රවණය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ක්‍රමයක් සකසලා තියෙනවා. ඔවුන් එය නම් කරලා තියෙන්නේ බ්භථන ථඥඤඪච නතචරඥප කියලා.

එය මොළයේ ඝෝෂාකාරී තත්ත්වයන් පෙරන ක්‍රමයක් කිව්වොත් හරි. මේ උපකරණය ස්නායු ආබාධ තියෙන පුද්ගලයන්ටත් භාවිත කළ හැකිි. ප්‍රයෝජනවත් උපකරණයක් විදියට හඳුන්වන්නත් පුළුවන්.

ප්‍රධාන පරීක්‍ෂක හෝල් ග්‍රාෆ් කියලා තියෙනවා එයාලා තව ඉස්සරහටත් මොළයේ ක්‍රියාකාරීත්වය ශබ්ද අතර තිබෙන සියුම් සහ සංකීර්ණ සබැඳියාව ගැනත් පර්යේෂණ කරන්න බලාපොරොත්තු වන බව. ඒ වගේම කථනයට සහ ශ්‍රවණයට තිබෙන සියලු අවහිරතාවන් මඟහැරලා මිනිසුන්ට ප්‍රයෝජනවත් වන තවත් උපකරණ
(Devisers) නිපදවන්නත් හැකිවෙයි කියලා ඔහු පවසනවා.

ඊට අමතරව මහාචාර්ය නයිට් සහ ඔහුගේ කණ්ඩායමට මොළයේ ක්‍රියාකාරීත්වය අනුව පුද්ගලයෙක් කතා කරන්න කලින් හිතන සිතිවිලි විකේතකරණය කළ හැකි සොයා ගැනීමක් කරන්න ඉලක්ක කරගෙන ඉන්නවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon