ෆෝන් ඕවර් චාර්ජ් Full Battery Alarm ඇප් එක

  👤  2205 readers have read this article !
Published by : MB WEB 2016-12-28 09:36:06

පහන් විජේසේකර

තමන්ගේ ජංගම දුරකතනය චාර්ජජ් වෙන්න ගැහුවට පස්සේ ගොඩක් අයට ෆෝන් එක ගැන අමතක වෙනවා. වර්තමානයේ හැම කෙනෙක් ගාවම තියෙන්නේ ස්මාර්ට් ෆෝන්. ස්මාර්ට් ෆෝන් එකක් නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. ඉතින් ඔය ස්මාර්ට් ෆෝන් එක වුණත් චාර්ජ් කරන්න ගැහුවට පස්සේ ගොඩක් අයට මතක් වෙන්නෙ නෑ බොහෝ වේලාවක් ඉඳලා දැන් චාර්ජ් වෙනවා නේද කියලා.

අඩුම ගානේ ෆෝන් කෝල් එකක් ආවොත් තමයි චාර්ජ් වෙන්න ගහපු තැනට දුවගෙන යන්නේ. අපේ ස්මාර්ට් ෆෝන් ඕවර්චාර්ජ් ඒ කියන්නේ ඕනවටත් වඩා චාර්ජ් වෙන්න හොඳ නෑ. ඒ විදියට තමයි ෆෝන් එකේ Devices නිර්මාණය කරල තියෙන්නේ. ඒත් දැන් අලුතෙන් Full Battery Alarm තියලා ඇන්ඩේ‍රායිඩ් ඇප් එකක් හඳුන්වල දීල තියෙන නිසා ෆෝන් එක ඕවර් චාර්ජ් වෙන එක නවත්ත ගන්න පුළුවන්. මොකද මේ ඇප් එකේදී ෆෝන් එක උපරිම විදියට චාර්ජ් වුණාට පස්සේ  Ringing Tone එකකින් හරි vibrate  වෙලා හරි Flasher එකකින් හරි අපිට දැනුම් දෙනවා.

ඒ වගේම මේ ඇප් එකේ Settings වලට ගියොත් විවිධ සැකසුම් කරන්නත් පුළුවන් Auto Startup On Reboot මඟින් උපාංගය නිවා දැම්මට පස්සේ නැවත පණ ගන්වන්න ඇප් එක ස්වයංක්‍රියව ක්‍රියාත්මක කළ යුතුයි. ෆෝන් එක Silent  කරල තියෙද්දි වුණත් Ring Alarm on slient මඟින් Alarm නාද වෙන විදියට තෝර ගන්නත් පුළුවන්. තම තමන්ට කැමැති කනට මිහිරි Alarm Tone එකක් Select Ring Tone හරහා තෝරා ගන්නත් මේ ඇප් එකෙන් පුළුවන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්