ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය ජයගත් පිලට තෙවැනි තැනට ඒමට අවස්ථාවක්

  👤  1826 readers have read this article !
Published by : MB WEB 2016-12-27 12:26:43

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානුවන් අතර තරග තුනකින් සමන්විතව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට හෝ දකුණු අප්‍රිකානුවන්ට ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට හැකි වුවහොත් ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකිව තිබේ.

ඒ අනුව මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 96ක් ලබා හත්වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස හෝ 2-1 ලෙස ජයගතහොත් ශේ්‍රණිගත ලකුණු 99 දක්වා වැඩි වී හයවැනි ස්ථානය දක්වාද, තරගාවලිය 2-0ක් ලෙස ජයගතහොත් ශේ්‍රණිගත ලකුණු 101 දක්වා වැඩි වී සිවුවැනි ස්ථානය දක්වාද තරගාවලිය 3-0ක් ලෙස ජයගතහොත් ශේ්‍රණිගත ලකුණු 102ක් ලබා තෙවැනි ස්ථානය දක්වා පැමිණීමට හැකිය.

මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 102ක් ලබා සිවුවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානුවන්ටද තරගාවලිය 1-0ක් ලෙස හෝ 2-1ක් ලෙස ජයගතහොත් ශේ්‍රණිගත ලකුණු 104ක් ලබා තෙවැනි ස්ථානයටද තරගාවලිය 3-0ක් ලෙස ජයගතහොත් ශේ්‍රණිගත ලකුණු 107ක් දෙවැනි ස්ථානයට පැමිණීමටද මාර්ගය සැලසී ඇති අතර, එය එසේ වන්නේ ඕස්ට්‍රේලියානුවන් හා පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී පාකිස්තානය හමුවේ එක් තරගයක් හෝ ඕස්ට්‍රේලියානුවන් පරාජය ලැබුවහොත් පමණි.

කෙසේ වෙතත් මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 105ක් ලබා සිටින ඕස්ට්‍රේලියානුවන් පාකිස්තානය හමුවේ තරගාවලිය 2-0කින් හෝ 3-0කින් ජයගතහොත් අප්‍රිකානුවන්ට තෙවැනි ස්ථානයෙන් නතර වීමට සිදුවෙයි.

ටෙස්ට් ශේ්‍රණි සටහන
1.ඉන්දියාව 120, 2. ඕස්ට්‍රේලියාව 105, 3. පාකිස්තානය 102, දකුණු අප්‍රිකාව 102, එංගලන්තය 101, නවසීලන්තය 96, ශ්‍රී ලංකාව 96, බටහිර ඉන්දීය කොදෙව් 69, බංග්ලාදේශය 65, සිම්බාබ්වේ 05
සටහන _ විචිත්‍ර වීරසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්