දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලිය

  👤  1871 readers have read this article !
Published by : MB WEB 2016-12-27 11:18:33

විචිත්‍ර වීරසිංහ

ඉන්දියාවේ සිලිගුරිහී පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියට සහභාගි වී සිටින ලොව කාන්තා පාපන්දු ශේ්‍රණිගත කිරීම්හි 121වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (26දා) ලොව කාන්තා පාපන්දු ශේ්‍රණිගත කිරීම්හි 123වැනි ස්ථානයේ පසුවන මාලදිවයින හමුවේ පළමු තරගයේදීම ගෝල 5-2ක පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය, ඇෆ්ගනිස්ථානය හා භූතානය යන රටවල් මෙම තරගාවලියට එක්ව සිටින අතර, ශ්‍රී ලංකාව හෙට (28දා) භූතානය සමගින් තරග වැදීමට නියමිතය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව දෙසැම්බර් 30දා නේපාලය සමගිනුත් තරග වදින අතර, මෙහි අවසන් පූර්ව තරග ජනවාරි 2වැනිදාත්, අවසන් තරගය ජනවාරි 4වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර මෙම තරගාවලියට අදාළව ඊයේ පැවැති නේපාලය හා භූතානය අතර පැවැති තරගයේදී ගෝල 8-0ක ජයක් ලැබීමට නේපාල කණ්ඩායම සමත්වූ අතර, එහිදී නේපාල කණ්ඩායමේ සබිත්‍රා බන්දාරි ගෝල 6ක්ම ලබා ගැනීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම _ අයි.එල්.ඊ.කේ. ලියනගේ (නායිකා), අයි.එම්. විතානගේ (උප නායිකා), ආර්.එම්.සී.කේ. ඒකනායක, ලක්මිනි සිල්වා, කේ.ඩී.එන්.සී. කරුණාරත්න, වත්සලා දයානන්ද, සී.එස්.ප්‍රැන්සිස්, ආර්.ඩී.එල්.ආර්. ගුණවර්ධන, ප්‍රවීනා මධුකි පෙරේරා, ඩී.ලීලන්ති, ඒ.ජී.එන්.සී. අලුත්ගේ, අයෝමි විජේරත්න, එච්.ඒ.ටී.ඩී. ජයසිංහ, ජී.සී. මධුෂානි, ටී.කේ.අන්ජෙලා, එම්.ජී.එස්.එස්. සුභසිංහ, ඒ.සී. සරුක්කාලි, තුෂානි මධුෂිකා, මහේෂිකා ගොඩවෙලගේ, එච්.ජී.එන්. කුමාරි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon