සයිබර් ඇටෑක් වැළැක්වීමට Yahoo සමාගම පෙරට

  👤  1276 readers have read this article !
Published by : MB WEB 2016-12-24 12:00:25

යාහු (Yahoo) පරිශීලක ගිණුම් දත්තවල ආරක්ෂාව සම්බන්ධ ගැටලු රාශියක් තිබෙනවා කියලා Yahoo සමාගම සොයා ගත්තා කියලා ඔබට මතක ඇති. විශේෂයෙන්ම ඊමේල් ලිපින, (E-mail Adress) දුරකතන අංක, උපන් දින, මුරපද (Password) ආදිය තමයි වැඩිපුරම පරිශීලක ගිණුම් දත්ත විදියට හැක් (Hack) කරලා එනම් ප්‍රහාරයට යොදා ගෙන තියෙන්නේ.

මේ සමාගම පවසන්නේ 2013 වසරේ සිදු වුණ ඛ්රඡඥප Cyber එනම් පරිශීිලක ගිණුම්වලින් දත්ත බිලියනයකට වඩා සොරකම් කරලා තිබෙන බවයි. කොහොම වුණත් ඒ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට තම සමාගම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ඉතා සමීපව කටයුතු කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා කියලයි  Yahoo සමාගම කියන්නේ. ඒ සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥ සහාය වගේම රස පරීක්ෂක විශේෂඥ සහායත් ලබා ගන්නවා කියලයි ඔවුන් කියන්නේ. ඔවුන් වැඩිදුරටත් ගිණුම් දත්ත පරිශීලකයන්ට අවවාද කරන්නේ නාඳුනන Link වලට යෑමෙන් වැළකීමත් තමන්ගේ ගිණුමේ මුරපද මාරු කිරීමත් වඩාත් වැදගත් කියලයි.

අනුරාධා හේරත්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්