36 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලිය රවිඳු හා මිහිලියා සිවුවැනි වරටත් ශූරතා දිනති

  👤  1447 readers have read this article !
Published by : MB WEB 2016-12-24 10:38:39

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරනු ලැබූ ජාතික ස්කොෂ් ශූරතාවලියේ සිවුවැනි වරටත් ජාතික ස්කොෂ් ශූරිය හා ශූරයා ලෙස මිහිලියා මෙත්සරණි හා රවිඳු ලක්සිරි සම්මාන දිනාගැනීමට සමත්විය.

ඒ අනුව 36වැනි වතාවටත් පැවැති ජාතික ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනාගත් මිහිලියා සමග අවසන් තරගයේදී තරග වැදුණු ෆතොම් ඉසඩීන්ට අනු ශූරතාව හිමිවූ අතර, සිවුවැනි වරටත් විවෘත පිරිමි තරගයේ ශූරතාව දිනාගත් රවිඳු ලක්සිරි සමග තරග වැදුණු ශාමිල් වකීල්ට අනු ශූරතාව හිමිවිය.

ද්‍රවිඩ සංගම් ක්‍රීඩාගාරයේදී පැවැති මෙම ශූරතාවලිය සඳහා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 102ක් සහභාගි වී තිබිණි.

තරග ප්‍රතිඵල

ආධුනික කාන්තා -ශූරතාව එස්.ජී.එස්. සෙව්වන්දි
අනු ශූරතාව -ඩබ්ලිව්.ආර්.සී. සෙව්වන්දි

ආධුනික පිරිමි -ශූරතාව එස්.එම්.ඩැනියෙල්
අනු ශූරතාව -එස්.ඒ.ඩී.එල්.සුභසිංහ

අවුරුදු 35ට වැඩි (පිරිමි) ශූරතාව අනුර හේවගේ
අනු ශූරතාව -ඩබ්ලිව්.ඒ.එන්. අසේල

අවුරුදු 45ට වැඩි (ප්‍රවීණ) ශූරතාව එස්.එච්.ඩී.පී. තිලකරත්න
අනු ශූරතාව -සී.එච්.තලගල

අවුරුදු 50ට වැඩි - ශූරතාව එම්. ආෂ්මි,
අනු ශූරතාව -එම්. රිෂ්වාන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon