අයිතිකරුට හැර කිසිවෙකුට Notification නොපෙන්වන Honor magic දුරකතනයක්

  👤  2463 readers have read this article !
Published by : MB WEB 2016-12-23 10:00:44

මේ අපූරු දුරකතන පසුගිය සතියේ එළිදැක්වූයේ Huwavi කියන චීන සමාගමෙන්. අනාගතයෙන් පැමිණෙන දුරකතනයක් විදිහට හඳුන්වා දෙන මේ දුරකතනය නමින් Honor Magic මේක බැලූබැල්මට අපූරු නිමාවකින් සහ නවතම හැඩයකින් යුක්තයි. සමාගමේ වෙබ් අඩවියට පිවිසෙන ඔබට මේ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන් වුණත් තිබෙන ගැටලුව තමයි ඒ සෑම දෙයක්ම චීන භාෂාවෙන් තිබීම.

ඒ කොහොම වුණත් මෙහි අන්තර්ගතය ගැන කතා කළොත් මෙහි අඟල් 5ක Amoled තිරයක්, මෙගා පික්සල් 12ක ද්විත්ව පසුපස කැමරාවක්, මෙගා පික්සල් 8ක ඉදිරිපස කැමරාවක්, Huawei Kirin 950 ප්‍රොසෙසරයක්, 2, 900 mash බැටරියක් වගේම 64 GB මතකයක් සහ 4 GB Ram අන්තර්ගත වෙනවා. මේ දුරකතනය Golden black සහ Porcelain White කියන වර්ණ දෙකෙන් ඔබට මිලදී ගන්න පුළුවන්.

ඒ වගේම මේ දුරකතනයේ Fingerprint එකක්ද අන්තර්ගතයි. කොහොම හරි මේ දුරකතනය ගැන කතා කරන කොට අමතක කරන්න බැරිම පහසුකමක් තමයි ලිපියේ මාතෘකා විදියට දාලා තියෙන්නෙ. මේ දුරකතනයේ අඩංගු වන Wise screen කියන තාක්‍ෂණය දුරකතනයේ ඉදිරිපස ඇති කැමරාව සංවේදක වගේම IR සංවේදකය උපයෝගී කරගෙන දුරකතනය අතදරා සිටින පුද්ගලයාගේ අත් සහ දෑත් හඳුනා ගැනීමට ලක් කරනවා. ඒ වගේම මෙහි අඩංගු Facecode Intelligent Recongnition ද කියන පහසුකම මඟින් දුරකතනය අතදරා සිටින පුද්ගලයා අනුව දුරකතන තිරයේ දිස්විය යුතු Notification පිළිබඳ තීරණය කරනවා.

ඒ කියන්නේ ඔබ කවුරුන් හෝ සමඟ හොරෙන් පණිවුඩ හුවමාරු කරමින් සිටින අවස්ථාවක ඔබගේ මවට මේ දුරකතනය හසුවුණොත් එය ලොක් කර තිබේ නම් අදාළ පණිවිඩ ලැබීමේ Notification කිසිවක් ඇයට දැකගන්නට නොලැබෙන බවයි. මේ දුරකතනය Android 6.0 මඟින් පණගැන්වෙනවා. සමාගම කියන විදියට ඔබ වාහනයක ගමන් කරන බව පවා ස්වයංක්‍රීයව හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. මොනව වුණත් මේ දුරකතනය අපේ අතටම ගෙන බලනතුරු මෙහි පැවසෙන තාක්‍ෂණය කෙතරම් දුරට සාර්ථක දැයි පැවැසීමට අපහසු බවත් මතක් කරන්නට කැමැතියි.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon