ජාතික කනිෂ්ඨ මේස පන්දු ශූරතාවලිය ලබන මාසයේ කොළඹදී

  👤  2812 readers have read this article !
Published by : MB WEB 2016-12-22 11:40:52

කෝසල ගමගේ

ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය සංවිධානය කරන '2016 ජාතික කනිෂ්ඨ මේස පන්දු ශූරතාවලිය' ලබන ජනවාරි මස 7 සහ 8 යන දෙදින තුළ කොළඹ ශාන්ත ජෝසප් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

වයස අවුරුදු 10න් පහළ වයස් කාණ්ඩයෙන් ඇරැඹෙන මෙම ශූරතාවලිය 12න් පහළ, 15න් පහළ සහ 18න් පහළ යන වයස් කාණ්ඩ දක්වා තරග පැවැත්වීමට නියමිත අතර ඉහළම වයස් කාණ්ඩය වන 18න් පහළ වයස් කාණ්ඩයෙන් පමණක් කේවළ ඉසව්වන්ට අමතරව යුගල සහ මිශ්‍ර යුගල ලෙසද තරග ඉසව් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේස පන්දු ක්‍රීඩාවේ නියැළෙන ශ්‍රී ලංකාවේ සෑම පාසලකම සහභාගිත්වය ඇතිව පැවැත්වෙන මෙම කනිෂ්ඨ ජාතික ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත අතර අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබාගන්නා සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම සහතිකපත් ප්‍රදානය කිරීමටද, ශූරතා සහ අනුශූරතා ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන පිරි නැමීමටද ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

2016 වසරට අදාළව පැවැත්වෙන මෙම කනිෂ්ඨ ජාතික ශූරතාව පසුගිය ඔක්තෝබර් මස පැවැත්වීමට සැලසුම් යොදා තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම තරගාවලිය ලබන වසරේ ජනවාරි දක්වා කල් දැමීමට සිදුවූ බව ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය 'මව්බිම'ට පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon