නොවැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය 4.1% යි

  👤  1194 readers have read this article !
Published by : MB WEB 2016-12-21 15:50:10

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2016 නොවැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය 4.1%ක් ලෙස ගණනය කර ඇතැයි ප්‍රකාශයට පත් කළේය.

ඒ අනූව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 නොවැම්බර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 116.6ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

නොවැම්බර් මාසයේ දර්ශකය ඔක්තෝම්බර් මාස‍යේ දර්ශකය (114.7) හා සංසන්දනය කළ විට 1.9ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.7ක වැඩිවීමක් වාර්තා වේ. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.50%කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 1.17%කින් වැඩිවීම බලපා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්