මයිලෝ සමස්ත ලංකා බාලිකා රග්බි තරගාවලියේ පල්ලෙකණුගලට කුසලාන ශූරතා දෙකක්

  👤  2027 readers have read this article !
Published by : MB WEB 2016-12-21 14:00:27

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය මයිලෝ සමාගමේ සාදර අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා පාසල් බාලිකා රග්බි තරගාවලියේදී කුසලාන ශූරතා දෙකක් දිනාගැනීමට රුවන්වැල්ල පල්ලෙකණුගල කනිෂ්ඨ විදුහල් කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් අවුරුදු 14න් හා 16න් පහළ කුසලාන ශූරතාව දිනාගනිද්දී අවිස්සාවේල්ල ශා.මේරි විදුහල් කණ්ඩායම අවුරුදු 18න් පහළ කුසලාන ශූරතාව දිනාගත්තේය.

රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය අවුරුදු 14න්, 16න් හා 18න් පහළ වයස් කාණ්ඩ තුන යටතේ තරග පැවැති අතර, එහිදී අවුරුදු 14න් පහළ තරගාවලියේ කුසලාන අනු ශූරතාව ඉඹුලාන මහා විදුහල් කණ්ඩායමට හිමිවිය. පළිහ ශූරතාව පානදුර මහානාම විදුහල් කණ්ඩායම දිනාගත් අතර, බඳුන ශූරතාව ඉහළ තල්දූව කනිෂ්ඨ විදුහල් කණ්ඩායමටත්, පළඟ ශූරතාව පඬුවස්නුවර ජාතික පාසල් කණ්ඩායමටත් හිමිවී තිබිණි.

අවුරුදු 16න් පහළ තරගාවලියේ කුසලාන අනු ශූරතාව දෙහිඕවිට ජාතික පාසල් කණ්ඩායම හිමිකරගත් අතර එහි පළිහ ශූරතාව අම්පාර බණ්ඩාරනායක විදුහල් කණ්ඩායම විසින් දිනාගනු ලැබීය. තවද බඳුන ශූරතාව කුලියාපිටිය මධ්‍ය විදුහල් "බී" කණ්ඩායම දිනාගනිද්දී පළඟ ශූරතාව හිමිවූයේ කුලියාපිටිය "ඒ" මධ්‍ය විදුහල් කණ්ඩායමටය.

මේ අතර අවුරුදු 18න් පහළ තරගාවලියේ කුසලාන අනුශූරතාව දිනාගත්තේ අම්පාර බණ්ඩාරනායක විදුහල්් කණ්ඩායමයි. පළිහ ශූරතාව ඔරුබැඳිවැව ජාතික පාසල් කණ්ඩායමටත්, බඳුන ශූරතාව ඇඹිලිපිටිය ජනාධිපති විදුහල් කණ්ඩායමට හිමිවූ අතර පළඟ ශූරතාව මහින්ද විදුහල් කණ්ඩායමට හිමිවිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon