ඩි විලියර්ස් ටෙස්ට් ඔටුන්න බිම තබයි ලංකාව සමඟ ටෙස්ට් තරගවලටත් නැහැ

  👤  2285 readers have read this article !
Published by : MB WEB 2016-12-15 09:53:21

දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වීමට ඒ. බී. ඩී විලියර්ස් තීරණය කර ඇති අතර ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජන කළ ඔහුගේ වැලමිටෙහි තුවාල සුවවීමට තවත් ටික කාලයක් ගතවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියෙන්ද ඉවත් කර ඇත.

ඒ අනුව දකුණු අප්‍රිකාව සහභාගිි වූ පසුගිය තරගාවලි දෙකේදීම වැඩ බලන නායකයා ලෙස කටයුතු කළ ෆා ඩු ප්ලෙසිස් දකුණු අප්‍රිකානු පිලේ ස්ථීර නායකයා ලෙස පත් කර ඇති බවද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සනාථ කර සිටී.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඩි විලියර්ස් පවසා ඇත්තේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට පැවැසීම තමාට කළ ගෞරවයක් සේ සලකන බවත් එහෙත් පසුගිය තරගාවලි දෙකම අහිමි වූ තමාට එළැඹෙන ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලියට සහභාගිත්වයද සැක සහිත බවයි. කෙසේ වෙතත් පහුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේදී දැක්වූ දක්ෂතා සැලකූ විට එහිදී නායකත්වය දුන් ඩු ප්ලෙසිස් නිත්‍ය ටෙස්ට් නායකත්වයට පත් කළ යුතු යැයිද ඩි විලියර්ස් පවසා ඇත.

පසුගිය ජූලි මාසයේදී පැවැති කැරබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිට ක්‍රීඩාවෙන් ඉවත් වී සිටින ඩි විලියර්ස් එළැඹෙන ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තුව සිටියද සම්පූර්ණ සුවය ලැබීමට තවත් සති 3 - 4ක් පමණ ගතවනු ඇතැයි පැවැසේ. ඒ අනුව ලබන ජනවාරියේදී ශ්‍රී ලංකාවට එරෙහිව එක් දින තරගාවලියට පැමිණීම ඩි විලියර්ස්ගේ ඉලක්කය වී ඇත.

සටහන - සිරිනාම

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon