මට හාට් ඇටෑක් කියලා පැතිරුව කතා බොරු

  👤  2587 readers have read this article !
Published by : MB WEB 2016-12-14 14:43:25

පහුගිය දවස්වල සරත් චන්ද්‍රසිරිට අසනීප වෙලා කියලා එක එක විදියේ කතා පැතිරුණා. ඇත්තටම මොකද්ද සිද්ධ වුණේ?

රාජකපුරු වේදිකා නාට්‍ය වෙනුවෙන් මම ඇතුළු කණ්ඩායම ඇල්පිටියට ගිහින් හිටියේ. පසුගිය මාසයක දෙකක ඉඳලා අධික වැඩ රාජකාරි ටිකක් කරන්න තිබ්බේ. ඉතින් මට ඇඟට මහන්සි ගතියක් තිබුණා. එදා වේදිකා නාට්‍ය කරන්න කලින් කෑම කද්දි මට ඇඟට අමුත්තක් තේරුණා. ඒක ජනක් අයියට කිව්වම ඔහු කිව්වා නාට්‍ය කරන්න වෙලා තියෙන නිසා බෙහෙතක් අරන් එන්න කියලා. චෙක් කරගෙන බෙහෙතක් අරගෙන එන්න තමයි ඇල්පිටිය රෝහලට ගියේ. චෙක් කරලා බැලින්නම් මට ප්‍රෙෂර් වැඩි වෙලා. මට කලින් ඉඳන් ප්‍රෙෂර් තිබ්බා. බෙහෙත් බොනවා. අඩු වෙනවා. ඔහොම තත්ත්වයක් මට තිබුණේ.

ඒ කියන්නේ රෝහල් ගත වුණේ හෘදයාබාධයක් නිසා නෙවෙයිද?

නැහැ. ගොසිප්වල ගොඩක් දාලා තිබුණා මට හාට් ඇටෑක් එකක් කියලා. ඒත් මම රෝහලට ගියේ ඇඟට අමාරු නිසා. ප්‍රෙෂර් වැඩි නිසා මාව රෝහල් ගත කර ගත්තා.

ඔබ දැඩි සත්කාර ඒකකයේ කියලත් ගොසිප් පළ වෙලා තිබුණානේ?

මාව සාමාන්‍ය වාට්ටුවකට තමයි මුලින් දැම්මේ. ඒත් ඒකට සෙනඟ එන්න ගත්ත නිසා මාව ඒ ආසන්නයේ තිබ්බ ඉනඥජඪචත උදඪබ එකකට දැම්මා. ඩොක්ටර්ස්ලා ඇවිත් මාව විනාඩි පහෙන් පහ පරීක්ෂා කළා. මම හැදුවේ ගෙදරටවත් කියන්නේ නැතුව බෙහෙත් අරගෙන ගෙදර යන්න. ඒත් ප්‍රෙෂර් වැඩි නිසා ටිකට් කපන්න බෑ කිව්වා. පහුවදා වෙනකල් රෝහල් ගත වෙලා ඉන්න කිව්වා. ඒ ටිකට මට හාට් ඇටෑක් එකක් ඇවිත් දැඩි සත්කාර ඒකකයේ කියලා ගොසිප් පළ වෙලා තිබුණා.

ගෙදරටවත් දැනුම් නොදෙන්න හිටියට හැදුණේ නැති ලෙඩකුත් එක්ක කතාව ලොකුවට පැතිරුණානේ?

ඔව්. ඒක හරිම අසාධාරණ විදියට පළ කරලා තිබ්බ නිවුස් එකක්. ඒ පළකිරීම් දැකලා ගෙදර අයත් කලබල වෙලා මාව බලන්න ආවා. ඇත්ත තත්ත්වය දැනගත්තේ පස්සේ. ඥාතීනුත් මේක දැකලා කලබල වෙලා තිබුණා.

එහෙම වැරැදි නිවුස් එකක් ගොසිප් අඩවි පුරා පැතිරෙද්දී මොකද හිතුණේ?

මේ වගේ බොරු ප්‍රචාර යද්දී ඇත්තටම ලොකු කලකිරීමක් ඇති වුණා. ඇයි මේ ගොසිප් සයිට් මේ වගේ බොරු දේවල් දාන්නේ. මම වගේ කෙනෙක් ගැන ඔහොම බොරු ප්‍රචාර යවනවා නම් අලුත් අයගේ චරිත ඝාතනය කරලා යවන ගොසිප් සත පහකට විශ්වාස කරන්න බෑ නේද කියලා හිතුණා.
ඔබෙන් විමසීමක් කරන්නේ නැතුවද

මේ පළ කිරීම් කරලා තිබුණේ?

ඔව්. අඩු ගාණේ් මෙහෙම ප්‍රචාරයක් යවන්න කලින් මගෙන් අහන්න තිබුණා. මගේ ෆෝන් එක හැම වෙලාවෙම ඔන් එකේ තිබ්බේ. අඩු ගාණේ මගේ යාළුවෙක්ගෙන් හරි වුණේ මොකද්ද කියලා අහන්න තිබ්බා. මට ගෙදර ඇවිත් ඩොක්ටර් හම්බවෙන්න යද්දිත් මම ධ්ඛ්උ එකේ කියලා එක නාළිකාවක නිවුස් එකකුත් ගියා.

මේ ප්‍රචාර නිසා ඔබ අපහසුතාවට ලක් වෙන්න ඇති?

ඔව්. ගොඩක් අය කතා කර කර සිද්ධිය අහන්න ගත්තා. ඒ අය මට කතා කරන්නේ සුහද නිසානේ. ඉතින් මට කතා නොකර ඉන්නත් බෑ. මොන වැඩේ තිබ්බත් එන කෝල්ස්වලට මම උත්තර දුන්නා. එකම උත්තරය දෙන්න වුණා. කොහේ හරි ගියාමත් කට්ටිය අහන දේවල්වලට එකම දේ කිය කිය ඉන්න වුණා.

අපහසුතාවට ලක්වුණාට ඔබට තියෙන ප්‍රේක්ෂක ආදරය නම් ගොඩක් දැනෙන්න ඇති නේද?

ඒක ඇත්ත. පිටරට ඉන්න අය පවා මට කතා කළා. මගේ යාළුවන්ට කතා කරලත් මං ගැන හොයලා බලලා තිබ්බා. මට ප්‍රතිකාර කරපු රෝහල් කාර්ය මණ්ඩලයත් එහෙමයි. මට පුදුම සහයෝගයක් දුන්නේ. එයාලට ස්තූතිවන්ත වෙනවා.

මහන්සිය නොතකා ආයෙත් වැඩ පටන් අරගෙනද?

ඔව්. මම අසනීප වෙලා දවස් දෙකකට පස්සේ "ඒකා සාක්කුවේ" වේදිකා නාට්‍යයේ මංගල දර්ශනයටත් ගියා. දැන් මම බර්මින් ලයිලිගේ චිත්‍රපටයකටත් ජෝඩු ගෙදර ටෙලි නාට්‍යයෙත් වැඩ කරනවා. ඊට අමතරව වේදිකා නාට්‍ය කිහිපයක් එක්කම ලංකාව වටේ යනවා. සුපුරුදු විදියට වැඩ ටික කරගෙන ඉන්නවා.

දැන් මහන්සි වෙනවා ඇති කියලා හිතෙන්නේ නැද්ද?

හැමදේම කරන්න කාලයක් තියෙනවා. කාලයක් ගියාම අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු අපිව මහන්සි නොකර කොහොමත් පැත්තක තියයි. ඒ නිසා පුළුවන් කාලේ වැඩ කරනවා.

මොනවද ඉදිරි වැඩ?

දැනට චිත්‍රපට දෙකක් භාර අරගෙන තියෙනවා. නිදහසේ පියා සහ රන් කොල්ලා කියන ඒ චිත්‍රපටවල වැඩ ලබන අවුරුද්දේ පටන් ගනියි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්