දිනේෂ් තරංග ටෂ්මි එක්ක ඩුවට් කියන එක නතර කළේ ඇයි?

  👤  2272 readers have read this article !
Published by : MB WEB 2016-12-09 15:30:05

කොහොමද මේ දවස්වල තොරතුරු?

සින්දු දෙකක් කරගෙන යනවා. දවා යන්නට ආදරේ සහ ඔබටම ගැති හද පතුලේ යන සින්දු දෙක කරගෙන යනවා.

මීවිත පිරුණා සින්දුවෙන් පස්සේ කරන මුල්ම ගීත දෙකද මේ?

මනමාල සිතක් සින්දුව කළා. නමුත් මිනිස්සු අතරට ගියේ නෑ. සින්දුවට ආදරේ කරපු පිරිසකුත් සිටියා.

තවමත් සංගීත කටයුතු කරනවාද?

දැනට මම Music කරගෙන යනවා. දැනට මගේම බෑන්ඩ් එකක් කරගෙන යනවා.Mary ets කියලා ඉකොස්ටික් බෑන්ඩ් එකක් කරගෙන යනවා. 3PS සංගීත කණ්ඩායමකුයි, Dj එකකුයි කරන්න යනවා.

සංගීත හැදෑරීම ගැන කතා කළොත්?

මම ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවා එඩ්වඩ් ජයකොඩි ගුරු පියා යටතේ. 2009 කාලයේදී දෙරණ ඩ්‍රීම්ස්ටාර් යන්න කලින්. ඊට පස්සේ මම සමන්ත පෙරේරා සර් ගාවට ගියා සංගීතය හදාරන්න. ඔපෙරා සංගීතයට සමාන වෙනත් සංගීත ශෛලියක් හැදෑරුවා. දැනට ලසන්න ප්‍රනාන්දු සර් ගාවWestern voice traing ඉගෙන ගන්නවා.

ටෂ්මී පෙරේරා එක්ක කරපු සින්දුවට මොකද වුණේ?

සුමුදු පියල්ලක් කියලා ගීතයේ ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. රොක් ඇන්ඩ් රෝල් ශෛලියට කරපු අයට ඒක හොඳ සින්දුවක්.
ශානික මදුමාලි එක්ක කරපු ගීතය වන මේ හිත රහසින් කීවා සින්දුව මිනිසුන් අතරේ ගොඩක් රසික රසිකාවියෝ වැලඳගත්ත ගීතයක් වුණා.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ ඔයාට ලැබුණ තැන ගැන කතා කළොත් (2009).

සීසන් 2 තරගාවලියේ අවසන් 10 දෙනා අතරට ආවා. නමුත් 9 වැනි ස්ථානයේදී මට තරගයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ තමයි මගේ පළමු වැනි ගීතය මීවිත පිරුණා නිර්මාණය වුණේ.

ගොඩක් ගායකයෝ සින්දු කියනවට අමතරව වෙනත් ෆීල්ඩ්වල වැඩ කරගෙන යනවා. ඔයා මොනවද කරන්නේ අමතර දෙයක් විදියට.

දැනට මට Music Tv කියලා Chanel එකක් පටන් අරන් තියෙනවා.Music.lk web සයිඩ් එක හරහා පවත්වාගෙන යනවා. මම එහිMusic Tv එකේ නිවේදන ශිල්පියෙක් විදියට කටයුතු කරගෙන යනවා. ඒ සඳහා මට ආරාධනා කළේ 'සහන් අබේසේකර' අයියා. එයා මේ වෙලාවේ මම ගොඩක් මතක් කරනවා.

කායවර්ධනය කරලා කෙල්ලෝ එහෙම අල්ල ගන්නවා කියන්නේ ඇත්තද?

නැහැ. එහෙම දෙයක් නැහැ. ඇත්තටම මම බාහිර රූපය ලස්සන කරගන්න මගේ ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්න තමයි කායවර්ධනය කරන්නේ.

මඟතොටේදී හම්බ වෙන ගෑනු ළමයින්ට ලිෆ්ට් දෙනවා කියන්නේ ඇත්තද.

ඇත්තටම එහෙම දෙයක් නැහැ. මම මඟතොටදී අඳුරන කෙනෙක් දැක්කොත් ලිෆ්ට් එකක් දෙනවා. අහක බලාගෙන යන්නෙ නෑ. නෝනගෙන් ප්‍රශ්නයක් නොවෙන්න මම එයාලට උදවු කරනවා.

ඔයාගෙ වයිෆ් ගැනත් පොඩ්ඩක් කතා කරමු.

මගේ වයිෆ්ගේ නම රැන්ඩෙලා මාලි. (රැන්ඩි) එයා දැනට ගෙදරට වෙලා ඉන්නවා පොඩි අය බලාගෙන.

ආදරය ගැන පොඩ්ඩක් කතා කළොත්.

ආදරය ගොඩක් සුන්දරයි... මම සංගීතයෙන් වුණත් ගොඩක් කතා කරන්නේ ආදරය ගැන. ඒ තරමට ආදරයට මම ආදරෙයි.

විරහවක් දැනිලා තියෙනවද?

පාසල් යන කාලේ මම ආදරේ කළා. විරහාවත් වින්දා. නමුත් ඒ දේවල් කාලෙත් එක්කම නැති වුණා. දැනට මම ආදරය හොඳින් මගේ බිරියගෙන් අත් විඳිනවා. ඒ නිසා විරහවක් කියලා දෙයක් මට දැනෙන්නෙ නෑ.

අවසාන වශයෙන් ඔයාට මේ ගමන එන්න අත හිත දුන්න අය ගැන පොඩ්ඩක් සඳහන් කළොත්.

මීගමුවේ King cocanet එකේ රජිත රුද්ද්‍රිගු තමා මට ගොඩක් උදවු කළේ මගේ අලුත්ම නිර්මාණයට. ඒ එක්කම ලක්‍ෂ්මන් රෝසයිරෝ,මගේ මමා මතක් කරන්න ඕනේ. ඒ එක්කම මගේ පියා වන ලකී ඇන්ඩෘෘ මතක් කරන්න ඕනේ. ඒ වගේම හැඟෙන්නෙ නැති "ආදරේ ගීතයේ රූප රචනය අධ්‍යක්‍ෂණය කරපු 'සජිත් ප්‍රියංකර මතක් කරන්න ඕනේ. ඒ වගේම ජාලිය ද සිල්වා, ඉෂාන් ධනංග සහ ඉක්‍රම් රාසික්වද මේ මොහොතේ මතක් කරන්න ඕනේ.

ඒ වගේම Fm නාළිකා සහ රූපවාහිනි නාළිකාවලටද මම ගොඩක් ස්තුති කරනවා මට මේ තැනට එන්නට උදවු කළාට.

සුරංග හපුකුඹුර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්