මනුරංග ළං කරගත්ත අලුත් රම්බරි කවුද?

  👤  2305 readers have read this article !
Published by : MB WEB 2016-12-08 09:08:04

මනුගේ මේ කාලේ නම් හොඳ පාටයි ඒක ඇත්තක්ද?

මගේ හැම කාලෙම හොඳයි. මට ඉතින් උන්නත් එකයි මළත් එකයි. ඒ නිසා කොයි කාලෙත් මට හොඳයි. මම ප්‍රශ්න ඇඟට අරන් මමම දුක් විඳලා. ඒ ප්‍රශ්න මම නිරාකරණය කරන් සතුටු වෙන කෙනෙක්.

කාලෙ හොඳ වුණේ ජීවිතේ වෙනස් වුණ නිසාද?

ළඟදී ජීවිතේ නම් වෙනස් වුණා. ඒ ජීවිතේ නොහිතපු නොසිතපු විදියට බොහෝ දේ වෙනස් වුණා. හැබැයි තාමත් ජීවත් වෙන්නේ ඒ හිටපු මනුරංගමයි. මම ජීවත් වෙනවද නැද්ද කියන එක නෙවෙයි මම ජීවත්වෙලා ඉන්නවා කියන එකයි වැදගත් වෙන්නේ.

කලින් ජීවිතයේ තිබුණ සුන්දර බව ගින්දර වුණා කියලා ආරංචි පැතිරෙනවා. ඒ ආරංචි ඇත්තද?

ඇත්තක්, නැත්තක් තියෙනවද කියලා හොයන එක නෙවෙයි වැදගත්. මම අද කෙළින් ඉන්නවාද නැද්ද කියන එකයි වැදගත් අද වෙනකොට මම ජීවිතයට මුහුණ දුන්න විදියට ගැන මම පෞද්ගලිකවම සතුටු වෙනවා. ජීවිතේ හැමදේකටම මම හොඳින් මුහුණ දුන්නා.

මනුරංගට හිත ගිය අලුත් රම්බරි කවුද?

ජීවිතේ පෞද්ගලිකත්වය ගැන කතා කරන්න තාම කල් මදි. ඒකට හේතුව මම මහා සාගරයක් පීනලා පීනලා ගොඩබිමට ඇවිත් හුස්ම ගන්න හැදුවා විතරයි. ඒක නිසා සිද්ධ වුණු අලුත් පෙරළීම් ගැන කතා කරන්න තාම කල්මදි. කිසිම දෙයක් ගැන මම හංගනවා නෙවෙයි. මම ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක ගොඩක් පාඩම් ඉගෙන ගත්තා. ඒ පාඩම් මම දැන් ජීවිතයට උපයෝගි කරගෙන ඉන්නේ.

මනුරංග නිවේදනයට බැස්ස නිසා ගීත රචනාව අමතක කළාද?

මම වැඩි ඉඩක් දීලා තියෙන්නේ නිවේදනයට. මම මුලින්ම කැමැති වුණේ නිවේදකයෙක් වෙන්න ඒත් කිසිම විදියකට මුලින් මට නිවේදකයෙක් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ළඟදි ඒ වැඩේට අත ගැහුවා. ගී පද රචකයෙක් වුණේ ඒ හරහා. මම මුලින්ම ප්‍රසිද්ධ මාධ්‍යයක වැඩසටහන් නිවේදකයෙක් ලෙස කටයුතු කළේ සිරස සුපර් ස්ටාර් වැඩසටහනේදී. ඇත්තටම මට නිවේදනයට ඔළුව යනවා වැඩියි.

මේ දවස්වල අලුත් වැඩක් පටන් ගත්තා කියන්නේ ඇත්තද?

ඔව්. මම අලුත් වැඩක් පටන් ගත්තා. මගේ සංකල්පෙකට ආරම්භ කළේ. අධ්‍යක්‍ෂණය හා නිවේදනය දෙකම කරන්නේ මම. අන්තර්ජාතික මට්ටමේ වැඩක් කිව්වොත් හරියටම හරි. අන්තර්ජාතිකව ඉහළට ගිය අය ඇගැයීමකට ලක් කිරීම ඒ අතරින් විශේෂ පුද්ගලයෙක් තමයි ඩිලන්ත මාලගමුව. එදා මෙදා තුර බිහිවුණ අවුරුදු 36ක තරග අත්දැකීමක් තියෙන කෙනෙක්.නමුත් ඩිලන්ත ගැන ගොඩක් අය දන්නේ නැහැ. ලෝකයේ තියෙන හොඳම සන්නාම නාමය තමයි ලැම්බොගිනි කියලා කියන්නේ. ඩිලන්ත තරග කරන්නේ ඒ සමාගම වෙනුවෙන්. මෙම වැඩසටහන නම් කෙරුණේRacing life with Dilantha Malagamuwa කියලා ITN එකේ බදාදා රෑ 9.30ට තමයි විකාශය වෙන්නේ. මෙම වැඩසටහන් තේමාව සුපිරි ධාවකයකුගේ දින පොත.

ක්‍ෂේත්‍රය තුළ කටකතා කියන්නේ සාමාන්‍ය දෙයක්. මනුරංග කියන්නෙත් කටකතාවලට නිරන්තරයෙන් අෑඳෙන කෙනෙක්. ඒ ගැන මොකද හිතන්නේ?

කටකතා කියන අයට පොඩි ජොලියක් තියෙනවා කියලා පේනවා. සමහර ඒවා කියෙව්වාම මට පට්ටම ජොලි. ඒ එන ආතල් එක වෙන මොකක් බලලාවත් ගන්න බැහැ. කටකතාවලට උත්තර දෙන එක තරම් මෝඩ වැඩක් මේ ලෝකේ නැහැ. කටකතාව නමැති වේදිකා නාට්‍යයේ එක් කෙනෙක් මගේ චරිතය නිරූපණය කරනවා මමම බලන් ඉන්නවා.

ඉදිරි වැඩ කටයුතු ගැන කතා කළොත්?

අලුත් සින්දුවක් එන්න තියෙනවා. සනුක වික්‍රමසිංහ ගායනා කරන සරාගයේ සින්දුව. ඕඩියෝ එක මේ වෙද්දී රිලීස් වෙලා තියෙනවා. වීඩියෝ එක ලබන මාසේ එළියට දෙන්න හිතන් ඉන්නවා. මේ දවස්වල ස්වර්ණවාහිනියේ රාත්‍රි 9.00ට විකාශනය වන සුපුන් රත්නායකගේ මගේ ආදර අවනඩුව ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. මට ඒ අත්දැකීමත් අවශ්‍ය වුණා. ඒ වගේ නාට්‍යයක රඟපාන්නේ කොහොමද කියලා දැනගන්න වුවමනාවක් තිබුණා. සුපුන් රත්නායකගේ ඉල්ලීමකට අනුව මම ඒ නාට්‍යයට සම්බන්ධ වුණා. දැනට නම් මම ගොඩක් ආසාවෙන් කරගෙන යනවා. ඉස්සරහට රඟපාන එක එපා වෙයිද දන්නේ නැහැ.

සමාධි ඕබඩආරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon