ඇමෙරිකාවෙත් පවුල්වාදය ධවල මන්දිර උපදේශක ධුරයට ට්‍රම්ප් ගේ බෑනා

  👤  987 readers have read this article !
Published by : MB WEB 2017-01-11 12:01:24

අමෙරිකා නව ජනාධිපති ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජේ‍යෂ්ඨ ධවල මන්දිර උපදේශකයා ලෙස ඔහුගේ බෑනා වන ජරේඩ් කුෂ්නර් පත්කර ඇති බව බීබීසී ය වාර්තා කරයි.

වෘත්තියෙන් නීතිඥයකු වන ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රධාන කාර්යභාරයක් කළ අතර 35 හැවිරිදි කුෂ්නර්ගේ නව තනතුරේ කාර්යභාරයට දේශීය සහ විදේශීය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම ප්‍රධාන වේ. එරට තුළ පවුල්වාදය ඉවත් කිරීමේ උත්සාහයට රටේ අනාගත නීතිය සහ අනාගත දේශපාලන ගැටුම් ගැන සඳහන් කරමින් එම තනතුර වහාම වෙනස් කරන්නැයි ප්‍රජාතන්ත්‍රවාදී විශ්ලේෂකයන් ඉල්ලා සිටියි. එය වෙනස් කිරීම සඳහා ඉදිරියේදීද කටයුතු කරන බව ඔවුන් පවසයි.

කෙසේ වුවද ට්‍රම්පේ හිතවත් නීතිඥයන් ප්‍රකාශ කරනුයේ රජයේ නිලධාරීන් පත්කිරීමේදී අදාළ වන නීති ධවල මන්දිරයේ තනතුරු සඳහා අදාළ නොවන බැවින් මෙම පත්වීම නීතිවිරෝධී නොවන බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon