රෝගීන්ගේ පුනරුත්ථාපනයට ප්‍රතිකාරයෙන් සහාය වන ස්මාර්ට් ග්ලවුස්

  👤  917 readers have read this article !
Published by : MB WEB 2017-01-11 13:35:26

නියෝෆෙක්ට් ආයතනයෙන් හඳුන්වා දුන් රපායෙල් ස්මාර්ට් ග්ලවූ නමින් හැඳින්වෙන මෙම සුදු පැහැති ස්මාර්ට් ග්ලවූ එක රෝගියාගේ අතේ එතෙමින් එහි ඇති පිහිටුම් සෙන්සර් නැතහොත් සංවේදක ඇඟිලි සහ මැණික් කටුව මත චලනය වීමට සලස්වමින්, ඒවා බ්ලූටුත් තාක්‍ෂණය හරහා ඇන්ඩේ‍රායිඩ් ඇප් එකක් මඟින් රෝගියා ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්වලට යොමු කරමින් අතේ සහ බාහුවේ පේශීන් නැවැත ශක්තිමත් කිරීමට උපකාරී කරයි.

දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ ආසියාවේ රෝහල් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන මෙම රපායෙල් ස්මාර්ට් ග්ලවුස් රෝහල්වලින් පරිබාහිර රෝගීන්ට කුලියට දීමට නියෝෆෙක්ට් සමාගම තීරණය කර ඇත. ඒ අනුව රෝගීන් හට මසකට ඩොලර් 99කට ස්මාර්ට් ග්ලවූ එකක් සමඟ ඇන්ඩේ‍රායිඩ් ටැබ්ලට් එකක් කුලියට ගෙන ගෙදර සිටම අත් සහ මැණික් කටුවලට ප්‍රතිකාර ලබා ගත හැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්