දැල්පන්දු තේරීම් කමිටුවට ක්‍රීඩා ඇමැතිගේ අනුමැතිය

  👤  1006 readers have read this article !
Published by : MB WEB 2017-01-11 12:39:16

විචිත්‍ර වීරසිංහ

මාස දෙකක් පමණ ඇදී ගොස් තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයට තේරීම් කමිටුවක් පත්කර ගැනීමේ තීරණය සමථයකට පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දැල්පන්දු සම්මේලනය විසින් එවා තිබූ නාම ලේඛනයේ පස් දෙනකුට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් මෙයට මාස දෙකකට පෙර ක්‍රීඩා අමාත්‍යංශයට යවා තිබූ 10 දෙනකුගෙන් යුත් තේරීම් කමිටු නාමලේඛනයට දැල්පන්දු සම්මේලනයේ නිලධාරිනියකගේ ඥාතියකු ඇතුළත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයාට ලැබී තිබූ පැමිණිල්ලක් හේතුවෙන් එම ලේඛනයට අනුමැතිය ලබා දීම කල් ගොස් තිබිණි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති තේරීම් කමිටුවේ සභාපතිත්වය ප්‍රියංකා පීරිස් මහත්මියටත් සෙසු සාමාජිකාවන් ලෙස සෝමා ඉලංගකෝන්, අරුණිකා කරවිටගේ, දීප්ති රූපසිංහ හා රෝහිනී පෙරේරා සෙසු සාමාජිකාවන් ලෙස පත්ව සිටී. ඔවුන් මෙම තනතුරු සඳහා පත්කර ඇත්තේ මෙම වසරේ මැයි මස 15 වැනිදා දක්වා බවද පැවැසේ.

මේ අතර මේ වසරේ මැයි මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියට හා ජූලි මස 8 වැනිදා සිට 16 වැනිදා දක්වා බොස්වානාහිදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය ඉලක්ක කරගනිමින් කනිෂ්ඨ පුහුණුකාරිනියක් පත්කරගැනීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය පසුගියදා අයැදුම්පත් කැඳවා තිබිණි.

එහිදී තමාරා පරගොඩ ලියනගේ, ජානකී ගුණසේකර, කුමාරි ගමගේ හා තයිමනාදන් ඉන්තුකන් යන මහත්මීන් මේ තනතුර සඳහා ඉල්ලුම් කර ඇති අතර, අයි.පී. විජේරත්න මහතාගේ සභාපතිත්වය යටතේ වයි.කේ. කුලරත්න, තමරා ජයසේකර, ධම්මිකා වනිගසිංහ හා මුතුලක්‍ෂ්මි හෑගොඩ යන මහත්ම මහත්මියන්ගෙන් සැදුම් ලත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මඟින් ඉදිරියේදී මෙම කනිෂ්ඨ පුහුණුකාරිනිය තෝරා පත්කර ගැනීමට නියමිතව ඇති බවද පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon