වේල්ස් කුමාර හා තිස්ස විද්‍යාල අතර අවසන් තරගය අද

  👤  1930 readers have read this article !
Published by : MB WEB 2017-01-05 12:07:48

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය හා කළුතර තිස්ස විද්‍යාලය අතර සිංගර් කුසලාන අවුරුදු 13න් පහළ අවසන් ක්‍රිකට් තරගය අද(05) දින පැවැත් වේ.

පෙර අර්ධ අවසන් පුර්ව තරගයේ දී වේල්ස් කුමාරයන් සමග කළුතර විද්‍යාලය හා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය තරග වැදුණි. පසුව අවසන් පුර්ව වටයේ දී කොළඹ රාජකීය විද්‍යාලිය කණ්ඩායම සමග ගැටි තරගයෙන් ජය ගත්හ.

එසේම  පෙර අර්ධ අවසන් පුර්ව තරගයේ දී කළුතර විද්‍යාලියන් සමග  ශාන්ත පීතර විද්‍යාලය බම්බලපිටිය හා ආනන්ද ශාස්ත්‍රාලය කෝට්ටේ වැදුණි. පසුව අවසන් පුර්ව වටයේ දී කොළඹ රාජකීය විද්‍යාලිය කණ්ඩායම සමග ගැටි තරගයෙන් ජය ගත්හ.

තරිදු අමරසිංහ  මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ කණ්ඩායමේ නායකත්වය දරන අතර මිතිර තෙනුර කළුතර තිස්ස විද්‍යාලයේ කණ්ඩායමේ නායකත්වය දරයි.

  

 

  

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon