ආසියානු පිරිමි සහ කාන්තා කනිෂ්ඨ වොලිබෝල් ශූරතා සඳහා යන්න කැමැති නම් ටොරින්ටන් එන්නලු

  👤  2063 readers have read this article !
Published by : MB WEB 2017-01-04 11:00:12

කෝසල ගමගේ

ලබන අප්‍රේල් මස මියන්මාරයේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියානු කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවට අදාළ සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ පරීක්ෂණ ජනවාරි මස 07, 08 යන දිනයන්හි ටොරින්ටන්හි ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා ඇත.

1999 වසරේ ජනවාරි 01 වැනිදාට පසු උපන් ඕනෑම ක්‍රීඩකයකුට මෙම පරීක්ෂණය සඳහා සහභාගි විය හැකි අතර ඉදිරිපත් වීමට කැමැති ක්‍රීඩකයන් ක්‍රීඩා ඇඳුමින් සැරසී ජනවාරි 07 වැනි දින පෙරවරු 8.30 වන විට ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතු බව සංවිධායක මණ්ඩලය දන්වා සිටී.

මේ අතර එළඹෙන මැයි මස තායිලන්තයේදී පැවැත්වීමට නියමිත අවුරුදු 23න් පහළ කාන්තා ආසියානු කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවට ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණ ජනවාරි මස 15 වැනි දින ටොරින්ටන් හි ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා ඇත. 1995 වසරේ ජනවාරි මස 01 දිනෙන් පසු උපන් ඕනෑම ක්‍රීඩිකාවකට සහභාගි විය හැකි එම තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා සහභාගි වීමට කැමති ක්‍රීඩිකාවන් ජනවාරි 15 වැනි දින පෙරවරු 8.30 වන විට ක්‍රීඩා ඇඳුමින් සැරසී ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතුව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon