ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු සුපිරි අට වටයේ තරග ජනවාරි 6දා සිට

  👤  1703 readers have read this article !
Published by : MB WEB 2017-01-03 12:20:47

විචිත්‍ර වීරසිංහ

ලංකා පාපන්දු සම්මේලනය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරනු ලබන ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අට වටයේ තරග ජනවාරි මස 6 වැනිදා සිට පැවැත්වීමට නියමිතය.

කළුතර බ්ලූ ස්ටාර්, සිවිල් ආරක්ෂක, කලම්ඹු එෆ්.සී., ගම්පොළ ක්‍රිස්ටර් පැලස්, මාතර සිටි, නිගම්බු යූත්, යුද හමුදාව, අනුරාධපුර සොලිඩ්, නාවලපිටිය අප්කන්ට්‍රී ලයන්ස්, ජාවාලේන්, නිව් යංග්, රිනවුන්, සෝන්ඩර්ස්, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, සුපර් සන් හා තිහාරිය යූත් යන කණ්ඩායම් 18කගේ සහභාගිත්වයෙන් පළමු වටයේ තරග ජුනි 24දා සිට පැවැත්විණි. එහිදී තේරී පත්වූ බ්ලූ ස්ටාර්, ගුවන් හමුදා, කලම්බු එෆ්.සී., සොලිඩ්, රිනවුන්, ශ්‍රී ලංකා යුද හමුදාව, නිව් යං, ශ්‍රී ලංකා නාවික හමුදා යන හොඳම කණ්ඩායම් අට මේ වනවිට සුපිරි වටය සඳහා සුදුසුකම් ලබා තිබිණි.

ඒ අනුව ජනවාරි 6 වැනිදා පස්වරු 3.30ට බ්ලූස්ටාර් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් අතර තරගය කැලණිය ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර, 7වැනිදා එම වේලාවේදී එම ක්‍රීඩා පිටියේදීම කලම්බු එෆ්.සී. හා සොලිඩ් අතර තරගය පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon