අමරදේව මාස්ටර්ගේ තවත් කොපියක ඕනෙ නෑ

  👤  2354 readers have read this article !
Published by : MB WEB 2016-12-29 15:31:55

දැන් කාලේ Youth එක ගැන අශාන්ගේ අදහස මොකක්ද?

මට හිතෙන විදිහ නම් ඒ අයට වෙනස් අරමුණු නෑ කියලා. ඉස්කෝලෙන් අයින් වුණු ගමන්ම දැන් කාලේ Youth එක එකම දේවල් ටිකක් කරන්නේ. හැමවිටම හැමෝම එකම දේකට විතරක් සීමා වෙලා. මම කියන්නේ එහෙම සීමා වෙන්න අවශ්‍ය නැහැ.

ඒ කියන්නේ සීමා වීම තුළ යම් දේවල් Youth එකට මඟ හැරිලා කියන එකද?

ඔව්. 18 ඉඳලා 30 වෙනකල් අතර කාලය තුළ සියල්ල විඳින්න ඕන. සියලු අත්හදා බැලීම් කරන්න ඕන. මම කියන්නේ, නරක විදියට දේවල් අත්හදා බලන්න කියන එක නෙවෙයි. හොඳ දේවල් අත්හදා බලමින් ජීවිතය විඳින්න ඕනෑ. සංචාරය කරන්න ඕනෑ. ගමන් බිමන් යන්න ඕනෑ. මම හිතන්නේ ජීවිතේ තියෙන්නේ ඒ වයසේ කියලා.

එවැනි සිරවීමකට පාදක වුණු හේතුව මොකක් වෙන්න ඇතිද?

පාසල් ගිහින් ආපු ගමනක් ෆෝන් අරගෙන Face book යන අය ඉන්නවා. මම හිතන්නේ මිනිස්සු තාක්ෂණය ඇතුළේ හිරවෙලා. මම හිතන්නේ නෑ. ජීවිතේට ඒ දේවල් අත්‍යවශ්‍යයි කියලා. අත්‍යවශ්‍ය දේවලුත් තාක්ෂණය තුළ තියෙනවා. නමුත් කාමරයක් ඇතුළේ හිරවෙලා Face book තුළ ගිලීමේ පදනමක් නෑ.

තාක්ෂණය කියන්නේ නූතන ක්‍රියාවලියක්. අතීතය සහ නූතනත්වය එකට ගැළපිය යුතුද?

මෙහෙමයි. අපේ ළමා කාලේ අපිට Face book තිබුණේ නෑ. ඒ නිසා දැන් අයට Face book තහනම් කරන්න ඕන කියලා මම කියන්නෙත් නෑ. නමුත් නූතන තරුණ්‍ය මායාවක් තුළ හිරවෙලා. අපිට පෞරුෂයක් තිබුණා. දැන් අය තමන්වම රවටාගෙන ඉන්නේ.

ඔවුන් රැවටිලා කියලා ඔප්පු කරන්නේ කොහොමද?

ඒ අය ඉන්නේ බොරුවක් ඇතුළේ. ඬ ට ජ යනවා. ෆොටෝ ගන්නවා දානවා. ඒ අය මායාවක් ඇතුළේ හිරවෙලා. තමන්ම තමයි වීරයා. ඒ වගේ මායාවක තමන් තනියම හිරවෙලා ඉඳලා, ටික දවසක් යද්දී ඒක ඇත්ත කියලා තමන්ටම හිතෙන්න ගන්නවා. ඊට පස්සේ තමන් ඒක තුළ හිරවෙනවා.

එතකොට මොන රැල්ලක්ද?

ඔව්, එකම දෙයක් පස්සෙන් යෑම රැල්ලක්. ඒක ඉස්සරත් වුණා. අද ලෝකෙ පුරා තියෙන තොරතුරු සියල්ල විනාඩියක් තුළ ඇක්සස් වෙනවා. රැල්ලට අහුවෙන ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නේ ඒ නිසා. ඒ අයට තමන්ගේ කියලා අනන්‍යතාවක් හදාගන්න අමාරුයි. එයාලා අනන්‍යතාවක් හදා ගන්නේ අනුන් කොපි කරලා රැලි පස්සේ ගිහිල්ලා.

කෙළින් කතා නොකරන, වැනෙන මිනිස්සු බිහිවුණෙත් ඒ නිසාමද?

ඔව්. ඉස්සර ප්‍රශ්නයක් ඇති වුණේ මූණට මුණ ගැසුණාම විතරයි. දැන් බිලියන ගාණක් එක්ක ජාලගත වෙලා. කෙළින් කතා කරන්නෙ බයයි. මොකද ප්‍රශ්නයක් ඇතිවුණොත් බිලියන ගාණක් ඉස්සරහා ලැජ්ජා වෙන්න වෙනවා. නමුත් තමන් ගැන විශ්වාස නම් අනිත් අයට අදාළ නෑ. නිවැරැදි ක්‍රමයට තමන්ටම ගැළපෙන ක්‍රමයක් හදා ගන්න. එතකොට කාලයක් යද්දි ඒක අනිත් අයගෙත් විලාසිතාව වෙයි.

අපේ මිනිස්සු හැමදේකම කොපි හොයනවා. "එයා මැරුණා එයා වගේ ආයේ කවුරුත් නෑ" කියලා ඒ මට්ටමේ කොපියක් හදන්න උත්සාහ දරනවා නේද?

ඔව්. මේ රටේ සෑම ක්ෂේත්‍රයකම පතාක යෝධයන් ඉන්නවා. ඒ වගේම හිටියා. ඒ අය නෑ කියලා, ඒ මට්ටමේ වෙන කොපියක් හදන්න ඕන නෑ. අමරදේව මාස්ටර් වගේ තවත් කෙනෙක් අවශ්‍ය නෑ. වෙනස් වෙමින් තාරුණ්‍යය පරිණාමය විය යුතුයි.

නූතන නිර්මාණකරණය තුළ රසවින්දනය පිළිබඳ නොගැළපීමක් තියෙනවා නේද?

ඔව්. ඒක මූල්‍යමය ගැටලුවක්. අපේ අය උත්සාහ කරන්නේ විකුණන්න විතරයි. එයාලගේ තර්කය වෙන්නේ ප්‍රේක්ෂකයන් ඉල්ලන දේ දිය යුතුයි කියන එක. නමුත් අපි නිවැරැදි දේ ප්‍රේක්ෂකයන් වෙත දිය යුතුයි. ඒ අය කැමැති දේට වඩා වටින දේ ලබාදීම නිර්මාණකරුවන්ගේ වගකීමක්. මම හිතන්නේ කලාව කියන්නේ විප්ලවයක්. කලාකරුවන් විප්ලවවාදීන් විය යුතුයි.

මේ තාරුණ්‍යයට වීරත්වයක් උරුම නැද්ද?

ඒක තාරුණ්‍යයේ වරදක් නෙවෙයි. ඒ Title එක ගත්ත කෙනෙක් නෑ වෙන්න ඇති. නමුත් දැන් සිනමාවේ වීරයෙක් බිහිවේගෙන එනවා. ඒ හේමාල් රණසිංහ. ඒක හොඳ දෙයක්. එවැනි සෑම ක්ෂේත්‍රයකම වීරයන් බිහිවිය යුතුයි. අපේ සිනමාව හොලිවුඩ් මට්ටමට ගෙන යාහැකි පිරිසක් මෙහෙ ඉන්නවා. නමුත් එයාලට පාරක් නෑ. ඉතිං වීරයන් බිහිවෙන්නේ කොහොමද?

හංසි ආටිගල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්