'ඇක්ටිව් ශ්‍රී ලංකා' ඕස්ට්‍රේලියා සහයෝගිතා මලල ක්‍රීඩා පුහුණු කඳවුරු 03ක් ශ්‍රී ලංකාවේදී

  👤  1716 readers have read this article !
Published by : MB WEB 2016-12-29 09:45:25

ඕස්ට්‍රේලියානු රජයේ ආධාර ඇතිව සංවිධානය කරන ආසියානු ක්‍රීඩා සහභාගිත්ව ව්‍යාපෘතිය යටතේ විශේෂ පුහුණු පාඨමාලා ඇතුළත් මලල ක්‍රීඩා පුහුණු කඳවුරු 03ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව 2017 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදේශීය පුහුණුකරුවන් විසින් ශ්‍රී ලාංකික පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනේ ආරම්භයක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සහයෝගය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේද පූර්ණ මැදිහත්වීමෙන් මෙම පුහුණු වැඩමුළුව පැවැත්වේ.

සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම විශේෂ මලල ක්‍රීඩා පුහුණු ව්‍යාපෘතියේදී පළමු අදියර ලෙස ක්‍රීඩා සමාජ පුහුණුකරුවන්, දෙවැනි අදියර ලෙස අන්තර් මාධ්‍ය පුහුණුකරුවන්, විනෝද ක්‍රීඩා පුහුණුකරුවන් සහ කිඩ්ස් ඇත්ලටිස්ක් මෙන්ම යොවුන් මලල ක්‍රීඩා පුහුණුකරුවන් පුහුණු කරනු ලැබේ.

මෙම පුහුණු වැඩමුළු 03 පහත පරිදි මධ්‍යස්ථාන තුනකදී පැවැත්වේ.

මෙම පුහුණු වැඩමුළුවට සහභාගි වන ඕස්ට්‍රේලියානු පුහුණුකරුවන් වන්නේ ජිල් ටේලර් (Australion National Development Manager), ටිමී කේ‍රාස්බි (Level 3 Middle and Long Distance and Recreational Runing Coach), මාර්ක් රීච් (Level 3 Sprints and Jumps Coach) සහ අනුලා කොස්තා (Level 4 Specialist Coach) යන මහත්ම මහත්මීන්ය. තවද මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සියලු පුහුණුකරුවන්ට සහභාගි වීමට අවස්ථාව ඇති බවද ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්